April, 15, 2020
කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්ත වීම සැලකිල්ලට ගනිමින්, විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය සඳහා පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රීලංකන් ගුවන් සමාගමට එහි නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 අප්‍රේල් මස 30 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට සිදුව ඇති බව කණගාටුවෙන් දැනුම් දී සිටී.
කෙසේ වෙතත්, ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාලය හරහා ගුවන් භාණ්ඩ සේවා මෙන්ම විශේෂ ගුවන් ගමන් වාර අවශ්‍යතාවය පරිදී ක්‍රියාත්මක වනු ඇත.
වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් සඳහා මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමෙන්, සහ ලගම ඇති ශ්‍රීලංකන් කාර්යාලය වෙතින් මෙන්ම +94117771979 යන දුරකතන අංකයෙන් ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.
Video Story