April, 21, 2020
ඊයේ (20) දිනයේ සිට දිවයිනේ ඇඳිරි නීතිය ලිහිල් කරන ලද දිස්ත්‍රික්කවල පිහිටි සුරාසැල් විවෘත කිරීම සඳහා ඒ ඒ ප්‍රදේශ වල ඇඳිරිනීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව අවසර ලබා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර සිටියේය.
කෙසේ වෙතත් මීට සුළු මොහොතකට පෙර රජය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, නැවත දැනුම් දෙනු තුරු දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් වසා තැබෙන බවයි.
ඡායාරූපය - ඊයේ දිනයේ දී ඇඳරි නීතිය ලිහිල් කරන ලද ප්‍රදේශයක පිහිටි සුරාසැලක් ඉදිරිපිට දර්ශනයක් (සමාජ ජාල මාධ්‍ය ජාලයන් හි හුවමාරු වූ ඡායාරූපයකි.)
Video Story