COVID-19 මර්දන මෙහෙයුමට ටොයොටා ලංකා වෙතින් රු. මිලියන 20 ක් වටිනා බස් රථ දෙකක්

    April, 22, 2020

    COVID-19 මර්දන මෙහෙයුමට දායක කර ගැනීම සඳහා ටොයොටා ලංකා පෞද්ගලික සමාගම රුපියල් මිලියන 20ක් වටිනා බස් රථ දෙකක් අද (22) ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.

    මෙම බස්‍ රථ පසුව COVID-19 පර්යේෂණ සහ මර්දන කටයුතු වලට යෙදවීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා වෙත බාර දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය