කොරෝනා වසංගතයේ සෘජු බලපෑම – මාර්තු මාසයේ දී සංචාරක පැමිණීම සියයට 70කින් පහළට

    April, 23, 2020

    පසුගිය මාර්තු (මාර්තු 18 වන දින දක්වා) තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 71,370 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් 2020 මාර්තු 18 දින සිට ශ්‍රී ලංකාවට විදෙස් සංචාරකයින් පැමිණීම අත්හිටුවනු ලැබීය.

    2019 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 244,328 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 2020 මාර්තු මාසයේ පැමිණි 71,370 ක ප්‍රමාණය 70.8%ක පහළ යාමක් ලෙසින් මෙහිදී සඳහන් වේ.

    සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛනවලට අනුව 2019 මුල් මාස 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 740,600 ක් ලෙසින් වාර්තා වන අතර මෙම අගය 2020 මුල් මාස 03 තුළ දී 507,311 ක් දක්වා 31.5%කින් පහළ ගොස් ඇත.

    මේ පිළිබඳ සංඛ්‍යාලේඛන සටහන් කිහිපයක් පහතින් දැක්වේ.