September, 14, 2026
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ සුවිසල් පරිවර්තනයක් සිදු කරමින් මීට වසරකට පෙර විවෘත වූ City of Dreams Sri Lanka හි සුඛෝපභෝගී හෝටල් සේවාව වන NÜWA සංචාරක සේවාවට තවත් අත්දැකීමක් එක් කිරීමට කටයුතු කර ඇත. ඒ මෙතෙක් සංචාරක හෝටල්හි පිරිමින් පමණක් සිදු කරන දොරටුපාල (Doorperson) තනතුර සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කාන්තාවන්ටද අවස්ථාව ලබා දීමට කටයුතු කරමිනි.
අමුත්තන් ඇතුළු වන මොහොතේ සිට සැබෑ සුඛෝපභෝගී අත්දැකීමක් උරුම කර දීමට NÜWA සමත්ව ඇත්තේ සුවිශේෂී ගොඩනැගිලි සැලසුම, ආකර්ෂණීය දසුන් දැක ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. හෝටලය වෙත පිවිසෙන අමුත්තන් පිළිගනිමින් සුඛෝපභෝගී සේවාව විඳ ගැනීම වෙනුවෙන් ඔවුන්ට දොර විවර කරන කාන්තා දොරටු පාලිකාවන් තවත් නවමු අත්දැකීමක් බවට පත් වනු ඇත.
නවීන හෝටල් සේවාවකට ගැලපෙන කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම අරමුණ කරගත් මෙම නවතම පියවර තුලින් සිය හෝටල් සේවාව පුරා කාන්තාවන් සඳහා ලබා දී ඇති සුවිශේෂී අවස්ථාවන් නැවන නැවතත් ප්‍රදර්ශනය කිරීමට NÜWA සමත්ව සිටියි.
සෑම විටම නව්‍යකරණ සේවාවක් සිය පාරිභෝගිකයින් වෙත ලබා දීමට කටයුතු කරන NÜWA හි මෙම වැඩපිළිවෙල සාම්ප්‍රදායික සංචාරක හෝටල් සේවාවන් බිඳ දමමින් වඩා උසස් සේවාවක් ලබා දීමේ පියවරක් ලෙසද සඳහන් කළ හැකිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ City of Dreams Sri Lanka හි මානව සම්පත් අධ්යක්ෂ සංචිත උඩුවිදාන මහතා සඳහන් කර සිටියේ “සංචාරක සේවාවන් සෑම විටම මිනිසුන් වෙනුවෙන් ලබා දෙන සේවාවක්. එම සේවාව ලබා දීමේදී ඊට අදාල රැකියාවන් සඳහා සම්බන්ධ කර ගැනීමට සාම්ප්‍රදායික තීරණ ගත යුතු නැකැයි මම සිතනවා. අප නිරන්තරයෙන් පුද්ගල දක්ෂතාව, වෘත්තීයභාවය සහ අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට ඇති හැකියාව මත රැකියා අවස්ථා උදා කර දීමට කටයුතු කරනවා. අපගේ හෝටල් සේවාව තුළ වැඩි ක්ෂේත්‍ර ප්‍රමාණයක් සඳහා කාන්තාවන් සම්බන්ධ කර ගැනීම මෙම ක්ෂේත්රයේ දියුණුවෙහි ප්රමුඛ පියවරක් ලෙස සඳහන් කළ හැකියි” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්රය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමේ අවස්ථාවක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. City of Dreams Sri Lanka ආරම්භ කළ දා සිට විශාල රැකියා ප්‍රමාණයක් බිහි කර ඇති අතර, Melco සමාගම පමණක් 1,500කට වැඩි පිරිසකට රැකියා හිමිකර දී ඇත. එපමණක් නොව City of Dreams Sri Lanka හරහා මෙතෙක් සංචාරක ක්ෂේත්රයේ නොතිබූ රැකියා අවස්ථාවන් රැසක් නිර්මාණය කිරීමටද ඔවුන් සමත්ව සිටියි.
සුඛෝපභෝගී කාමර 113 කින් සමන්විත NÜWA හි විශේෂත්වය වන්නේ එක් එක් අමුත්තාට ගැලපෙන පෞද්ගලික සේවාවක් සහ කුඩාම දේ ගැන පවා දක්වන ඉහළ සැලකිල්ලයි. එම නිසා හෝටලයේ ආකර්ෂණීය බව මෙන්ම එම අත්දැකීම ලබා දෙන සේවක මණ්ඩලය ද මෙහිදී වැදගත් වේ.
මෙම තනතුර සඳහා බඳවා ගන්නා කාන්තා රැකියාවේ මූලිකම අරමුණ වන්නේ පැමිණෙන අමුත්තන් සමඟ අර්ථවත් සහ සුහදශීලී සබඳතාවයක් ගොඩනඟා ගැනීමයි.
NÜWA හි පිළිගැනීමේ දොරටු පාලිකාවක් ලෙස එක් වූ අංජලී මෙනවිය තම රැකියාව පිළිබඳව අදහස් දක්වමින් “හෝටලය වෙත පැමිණෙන අමුත්තන්ව පිළිගැනීම වගේම ඔවුන්ගේ මුහුණට සතුටක් එකතු කිරීම මගේ රැකියාවේ හොඳම කොටස ලෙස මම සිතනවා. අමුත්තෙකුගේ හෝටල් නවාතැන සතුටුදායක ලෙස ආරම්භ කිරීමට මගේ දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටුයි.” යනුවෙන් පැවසීය.
ඇගේ අදහස්වලින් මනාව පෙනී යන කරුණක් වන්නේ ඉතා සුලු පිළිගැනීමක් වුවද, හෝටලයට පිවිසීමේදී ඔවුන් ලබන ඉමිහිරි අත්දැකීම හෝටලය තුල රැඳී සිටින කෙටි කාලය තුළ අමතක නොවන අත්දැකීමක් බවට පත් වනු ඇති බවයි.
මෙම තනතුර මඟින් ප්‍රදර්ශනය වන්නේ දක්ෂතාවය, කැපවීම සහ සේවා විශිෂ්ටත්වය මත පදනම්ව අවස්ථා ලබාදීමට NÜWA සතු කැපවීමයි. සැමට සම අවස්ථා ඇති වටපිටාවක් නිර්මාණය කිරීම තුළින්, පාරිභෝගිකයන් සමඟ සෘජුවම සම්බන්ධ වන විවිධ රැකියා ක්ෂේත්රවලින් ඉදිරියට යාමට සේවකයන් දිරිමත් කරන ඔවුන් සේවකයන්ගේ උනන්දුව හා වෘත්තීයභාවය නිරන්තර ඇගයීමට කටයුතු කිරීමද විශේෂත්වයකි.
මෙවැනි ඉහළ පිළිගැනීමක් ලබා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ මනා පුහුණුවක්, කණ්ඩායම් හැඟීමක් සහ ලෝක මට්ටමේ සංචාරක සේවාවන් ලබාදීමයි. සෑම අමුත්තකුම ඔවුන්ගේ තරාතිරම නොබලා එක සේ පිළිගැනීමට ඔවුන් කටයුතු කරති.
එහෙයින් NÜWA හි මෙම පිළිගැනීම සැබෑ සුඛෝපභෝගී අත්දැකීමක ආරම්භය පමණක් නොව සැමට සම අවස්ථා ලබා දෙන, නවීන සුඛෝපභෝගී සේවාවක විශිෂ්ටත්වයේ කැඩපතක් ලෙසද සඳහන් කළ හැකිය.
Video Story