මහ බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව එළිදකී

    April, 29, 2020

    1949 අංක 58 දරන මුදල් න‍ීති පනතේ 35 වන වගන්තියට අනුව‍, ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ම‍ණ්ඩලයේ 70 වැනි වාර්ෂික වාර්තාව මහ බැංකු අ‍ධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍‍ෂ්මන් මහතා විසින් අග්‍රමාත්‍ය සහ මුදල්‍, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත පි‍ළිගන්වන ලදී.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් 2019 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව අග්‍රාමාත්‍ය, මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඡායාරූපයෙන් දැක්වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහ ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා ද ඡායාරූපයේ වෙති.