May, 3, 2020
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 5.4හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 5.2 දක්වා පහළ යන ලද අතර, මේ සඳහා 2019 අප්‍රේල් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම පුර්ණ වශයෙන් දායක විය. මේ අතර, 2020 අප්‍රේල් මාසයේ දී ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 13.2ක් වූ අතර, ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2020 මාර්තු මාසයේ පැවති සියයට 2.5හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 2.1ක් දක්වා පහළ ගියේ ය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි. දර්ශකයෙහි වෙනස, 2020 මාර්තු මාසයේ පැවති සියයට 4.7 හි සිට 2020 අප්‍රේල් මාසයේ දී සියයට 4.8ක් දක්වා සුළු වශයෙන් ඉහළ යන ලදී.
Video Story