May, 6, 2020
වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූල ව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති බව මුදල් මණ්ඩලය විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම නිසා, තවදුරටත් ප්‍රමාදයකින් තොර ව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩි ව ඉල්ලා සිටින අතර, එසේ නොවුණහොත්, වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට සිදු වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.
මේ අතර අද (06) දින පැවති විශේෂ මුදල් රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම අංක 50 බැගින් තවදුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබුණි.
Video Story