කොටස් වෙළඳපොළෙන් දැවැන්ත ගනුදෙනුවක්. වටවල වැවිලි සමාගමේ රු. බිලියන 3ක කොටස් හුවමාරු වෙයි

    May, 12, 2020

    අද දින (12) පෙරවරුවේ 11.09ට කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා ප්‍රමාණයකින් පහළ වැටීමෙන් පසු මිනිත්තු 30 ක කාලයකට දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    එහිදී නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් පසු දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් රුපියල් බිලියන 3ක් ඉක්මවූ දැවැන්ත තනි ගනුදෙනුවක් වාර්තා වීමයි.

    මෙහිදී වටවල වැවිලි සමාගමේ විශාලතම කොටස් හිමියා වූ Estate Management Services (Pvt) Ltd සතුව පැවති කොටස් 150,937,043 ක් රු. 20.00 බැගින් ගනුදෙනු විය. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 3 ඉක්මවා තිබේ.