Facebook සමාජීය ප‍්‍රමිති තත්ත්වයන් බලාත්මක කිරීමේ නව වාර්තාව නිකුත් කෙරේ

    May, 14, 2020

    අද දිනයේ දී 2019 ඔක්තෝම්බර් සිට 2020 මාර්තු දක්වා තමන් විසින් ක‍්‍රියාවට නැංවූ සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්තීන් කෙතරම් සාර්ථකව බලාත්මක වූවා දැයි පිළිබඳ පූර්ණ සංඛ්‍යා දත්ත ඇතුළත් තමන්ගේ Community Standards Enforcement Report (සමාජීය ප‍්‍රමිති තත්ත්වයන් බලාත්මක කිරීමේ වාර්තාව) හි, පස්වන සංස්කරණය Facebook විසින් එළිදැක්වීය. පසුගිය වසර කිහිපයේ දී සිය ඇප්ස් හරහා සාවද්‍ය තොරතුරු ව්‍යාප්තවීම නතර කිරීම, අනර්තකාරී අන්තර්ගතයන්ගෙන් ජනතාව ආරක්ෂා කිරීම සහ ඇතිවිය හැකි බාධා වළක්වා ගනිමින් ස්වාධීන මැතිවරණයක් පවත්වා ගැනීමට සහයවීම ආදී වූ කාර්යයන් බලාත්මක කිරීම උදෙසා නව්‍ය තාක්ෂණය, අවශ්‍ය කණ්ඩායම් යොදාගැනීම සහ තාක්ෂණික ආරක්ෂණ මෙවලම් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලට Facebook විසින් ඉහළ ආයෝජනයක් සිදුකළේය.

    එසේම, වර්තමානයේ පැන නැගුණු කොවිඞ්-19 වසංගතයේ දී සමාජ වේදිකාව තුළ තමන්ගේ ප‍්‍රතිපත්තීන් උල්ලංඝනය කරන අන්තර්ගතයන් ඉක්මනින් සොයාගැනීමට සහ එසේ සොයාගත් අන්තර්ගතයන් නොපමාව ඉවත් කිරීමට පෙර සිදුකළ එම යාවත්කාලීන කිරීම් දැඩිලෙස ඉවහල්විය. තමන් විසින් පූර්වයෙන් සිදුකළ තාක්ෂණික මෙවලම් නිර්මාණය සහ ක‍්‍රමවේද ස්ථාපනයන්ගේ සහය ලබාගැනීමේ හැකියාව නිසා මෙම කොවිඞ්-19 ව්‍යසන තත්ත්වය අතරතුර දී Facebook ඉතා ඉක්මනින් සමාජ ආරක්ෂණ කාර්යභාරය වෙතට පිවිසීය. කොවිඞ්-19 වසංගතය නිසා අන්තර්ගත සුපරීක්ෂකයන් තාවකාලිකයව සිය නිවෙස් වලට යැවීමට සිදු වූ අවස්ථාවක දී අනර්තකාරී අන්තර්ගතයන් ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය මනාව පවත්වාගෙන යාමට Facebook විසින් කලින්ම ගොඩනැංවූ ස්වංක‍්‍රිය ආරක්ෂණ පද්ධතිය මතට වැඩි බරක් යොමුවිය. මෙම ස්වංක‍්‍රිය පද්ධතිය මගින් අධි සංවේදී අන්තර්ගතයන් ඉක්මනින් සොයා ගැනීම සහ ඒවාට ප‍්‍රමුඛතාවයක් ලබාදී Facebook කණ්ඩායමේ සුපරීක්ෂකයන් වෙතට යොමු කිරීම සිදුකරන අතර මෙම ක‍්‍රියාවලිය නිසා මෙවන් වසංගත ඇති අවධියක දී තමන්ගේ ඇප්ස් ආරක්ෂාකාරීව පවත්වා ගැනීමේ අවස්ථාව උදාවී තිබේ.

    මෙම වාර්තාව තුළ 2020 මාර්තු මාසය දක්වා පමණක් අදාළ දත්ත අන්තර්ගතව ඇති අතර එම නිසා පවතින වසංගත තත්ත්වය පුරා Facebook විසින් සිදුකළ සම්පූර්ණ කාර්යභාරය පිළිබ`ද නිවැරදි පිළිඹිබුවක් මෙමගින් ලබාගැනීමේ හැකියාවක් නොමැත. එම සුවිශේෂී කාලය තුළ සිදුකළ වෙනස්කම් පිළිබ`ද සැබෑ විවරණයක් ඉදිරියේ ඉදිරිපත් කිරීමට යෝජිත වාර්තාවේ හෝ ඊළ`ග වාර්තාවෙන් දැකගත හැකි අතර ත්‍්ජැඉදදන විසින් තමන් සිදුකරන සියලූ කාර්යභාරයන් වඩාත් විනිවිදභාවයකින් යුතුව ප‍්‍රදර්ශනය කිරීමට ක‍්‍රියාකරයි. උදාහරණයක් ලෙස, පසුගිය සති හතක කාලය පුරා අන්තර්ගතයන්ට ලබාදුන් තීරණ නැවත අභියාචනයට ලක්කිරීමේ විශේෂාංගයක් හ`දුන්වාදීම සහ ඊට ආදාළව ගිණුම් ඉවත් කිරීම් අවහිර කිරීම ද සිදුකළේය. එසේ කිරීමෙන් ඉදිරි වාර්තාවල දී ලැබෙන අභියාචනා සංඛ්‍යාව අඩුවේ යැයි ඔවුන් අපේක්ෂා කරයි. ත්‍්ජැඉදදන වලට අනූව මේ ව්‍යසන කාලයේ දී අනර්තකාරී අන්තර්ගතයන් සුපරීක්ෂණයට කාලය ගතකරනවාට වඩා ඒවා ඉතා ඉක්මනින් ජාලයෙන් ඉවත් කිරීම සිය සේවාවේ මුඛ්‍ය අරමුණ ලෙස සළකා ඔවුන් කටයුතු කරනු ඇත. අනර්තකාරී අන්තර්ගතයන් විශ්ලේෂණය කරමින් සිටිනවාට වඩා එසේ වේගවත්ව ක‍්‍රියාත්මක වීම හරහා ඒවායේ ව්‍යාප්තිය අවම කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි. අද දින මෙසේ එළිදැක්වෙන්නේ තාක්ෂණය භාවිතා කරමින් අනර්තකාරී අන්තර්ගතයන් කල්තියා සොයා ගැනීම සහ ඒවා ඉවත් කිරීම පිළිබ`ද සංඛ්‍යා දත්ත වාර්තාවයි.

    මෙම වාර්තාවේ අලූතෙන් ඇත්තේ මොනවා ද?

    මෙහිදී, Facebook වල ප‍්‍රතිපත්ති 12ට අදාළව තමන් ක‍්‍රියාත්මක වූ ආකරය පිළිබඳ සංඛ්‍යා දත්ත සහ Instagram වල ප‍්‍රතිපත්ති පදනම් කරගෙන ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සංඛ්‍යා දත්ත ප‍්‍රකාශනයක් සැපයෙයි. එසේම මෙම වාර්තාවේ වෛරී ප‍්‍රකාශයන්, වැඩිහිටි නිරුවත සහ ලිංගික ක‍්‍රියාකාරකම් ප‍්‍රදර්ශනය, ප‍්‍රචණ්ඩකාරී ග‍්‍රැෆික් අන්තර්ගතයන් මෙන්ම අයුතු බලපෑම සහ හිරිහැර කිරීම් ඇතුළත්වන සිව් වැදෑරුම් කලාපවල අන්තර්ගතයන් සම්බන්ධව Instagram අඩවිය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත ද ඇතුළත් වේ. තවද ප‍්‍රථම වතාවට ෂබිඒටර්ප වල ඇති අන්තර්ගයන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්න යැයි ජනතාව විසින් ඉදිරිපත් කළ අභියාචනා පිළිබ`ද සංඛාත්මක දත්ත, එම අභියාචනා පදනම් කරගනිමින් Instagram වලින් ඉවත් කළ අනර්තකාරී අන්තර්ගතයන් පිළිබඳ සංඛ්‍යාත්මක දත්ත සහ මෙම අභියාචනා පදනම් කරගනිමින් නැවත ප‍්‍රතිස්ථාපනය කළ අන්තර්ගතයන් පිළිබ`ද සංඛ්‍යාත්මක දත්ත ද එම අන්තර්ගතයන් තුළ පද්ධතිය හඳුනාගත් ගැටලූව පිළිබඳව ද මෙම ප‍්‍රකාශයේ සවිත්රාත්මකව පෙන්වා දී ඇත. එසේම Facebook විසින් Facebook සහ Instagram හරහා සංවිධානාත්මක වෛරී අන්තර්ගතයන් පැතිරවීමට එරෙහිව එළඹී ක‍්‍රියාමාර්ග පිළිබ`ද දත්ත ද මෙම වාර්තාවේ ඇතුළත් කර තිබේ. මේ පිළි`දව සහ ඒ වෙනුවෙන් Facebook ඉටුකළ කාර්යභාරය පිළිබ`දව වැඩිදුර දැන ගැනීමට කැමති ඔබට මෙතැනින් ඒ ස`දහා පිවිසිය හැක.

    අනර්තකාරී අන්තර්ගතයන් සොයාගැනීමේ සහ ඉවත් කිරීමේ ක‍්‍රියාවලියේ ප‍්‍රගතිය

    Facebook හී නව්‍ය තාක්ෂණය ම`ගින් අනර්තකාරී අන්තර්ගතයන් සොයා ගැනීමේ ක‍්‍රියාවලිය වඩා කාර්යක්ෂමව වැඩිදියුණු කර ඇති අතර මේ හරහා ඒවා වැඩි පිරිසකට ව්‍යාප්ත නොවී ඉතාම ඉක්මනින් ඉවත් කිරීමේ අවස්ථාව උදාවේ.

    • Facebook වල proactive detection technology එක විවිධ භාෂාවලින් සිදුකරන වෛරී ප‍්‍රකාශ වැඩි වැඩියෙන් හ`දුනාගැනීමට හැකිවන පරිදි වැඩිදියුණු කර ඇති අතර එය තව තවත් විවිධ වූ භාෂා හ`දුනාගැනීමට හැකිවන අයුරින් වැඩිදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරයි. වෛරී ප‍්‍රකාශ කාර්යක්ෂමව හ`දුනාගැනීම් අනුපාතයේ සීඝ‍්‍රතාවය පසුගිය කාර්තු දෙක පුරා පොයින්ට් 8ක අගයකට වඩා ඉහළින් පවත්වාගෙන යාමට හැකිවූ අතර මේ ලැබූ ප‍්‍රගතිය පවත්වා ගනිමින් 2020 වසර අවසානයේ දී එය පොයින්ට් 20 දක්වා වර්ධනය කරගැනීමට අපේක්ෂා කරයි. එම යාන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් ලෙස වඩා වැඩි අන්තර්ගතයන් ප‍්‍රමාණයක් ඉතාම ඉක්මනින් හ`දුනාගැනීමට Facebook වලට හැකියාව ලැබෙන අතර ඒවායින් 90%ක්ම කිසිවෙකුත් රිපෝට් කිරීමට ප‍්‍රථමයෙන් ඉවත් කිරීමේ හැකියාව ලැබී තිබේ. මීට අමතරව, හ`දුනාගැනීම් තාක්ෂණයේ සිදුකළ තවත් වැඩිදියුණු කිරීම් නිසා 2019 වසරේ හතරවෙනි කාර්තුවේ දී මත්ද්‍රව්‍යවලට අදාළ අන්තර්ගතයන් ඉවත් කිරීම් සංඛ්‍යාව පෙර කාර්තුවට වඩා දෙගුණයකින් වැඩි වූ අතර එම අන්තර්ගතයන්වල ප‍්‍රමාණය මිලියන 8.8ක් වේ.
    • Instagram වලදී ඔවුන්ගේ text and image matching technology ක‍්‍රමවේදය වඩාත් වැඩිදියුණු කරමින් සියදිවි හානිකර ගැනීම් සහ තමන්ටම අනතුරු සිදුකරගැනීම් අඩංගු අන්තර්ගතයන් වැඩි වැඩියෙන් සොයාගැනීම සිදු කළේය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එවැනි අන්තර්ගතයන්ට විරුද්ධව ගෙන ඇති ක‍්‍රියාමාර්ගයන්ගේ 40%ක වර්ධනයක් පෙන්නුම් කිරීම සහ පසුගිය වාර්තාවට වඩා කාර්යක්ෂම හදුනාගැනීම් අනුපාතයක් එනම් පොයින්ට් 12ක් දක්වා වර්ධනය වීමක් සිදුවිය. විවිධ නව විශේෂාංග (features) පද්ධතියට ඇතුළත් කිරීම මගින් ඔන්ලයින් ඔස්සේ බලපෑම් කිරීම අවමව පවත්වා ගැනීමට හැකියාව ලැබුණි. මේ හරහා පුද්ගලයන්ට තමන්ගේ ගිණුම නිසි පරිදි කළමනාකරය කිරීමේ අවස්ථාව සහ අනවශ්‍ය සබ`දතා ඇතිවීම සීමා කිරීමේ හැකියාව ද ලැබිණි. එසේම මේ ස`දහා උපකාරවන new Instagram controls පද්ධතිය අද හ`දුන්වාදෙනු ලැබීය. Facebook විසින් ඉතිහාසයේ ප‍්‍රථම වතාවට Instagram ඔස්සේ බලපෑම් කිරීමට විරුද්ධව සීමා පැනවීම් බලාත්මක කිරීම පිළිබ`ද දත්ත මෙම වාර්තාව ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්කරයි. එහිදී 2019 හතරවන කාර්තුවේ සහ 2020 පළමු කාර්තුවේ ක‍්‍රියාත්මකවීම්වල මුළු එකතුව ලෙස මිලියන 1.5ක අන්තර්ගතයන් ප‍්‍රමාණයකට විරුද්ධව ඔවුන් ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.
    • අවසාන වශයෙන්, Facebook විසින් ප‍්‍රචණ්ඩත්වය පැතිරවීම පිළිබ`ද අන්තර්ගතයන් සොයාගැනීමේ සහ ඒවා ඉවත් කිරීමේ ක‍්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ගත් ක‍්‍රමවේදයන් නිසා තවත් ප‍්‍රතිලාභ රැුසක් ඇතිවූ අතර එහිදී Facebook සහ Facebook ඔස්සේ සිදුවන ළමා නිරුවත් කිරීම් සහ ළමා ලිංගිකත්ව ප‍්‍රදර්ශනයන් ඉවත් කිරීමේ අවස්ථාව ද උදාවිය.

    පසුගිය මාස හයක කාලය පුරා, නවීන තාක්ෂණය භාවිතාකරමින් අන්තර්ගතයන්ගේ ප‍්‍රමුඛතාවය මත වර්ගීකරණයන් සිදුකරන Facebook විසින් ඒවා අනෙක් අය අතර වැඩියෙන් වෛයිරල්වීම සහ අන්තර්ගතයේ දරුණුකම ආදී සාධක පදනම් කරගෙන පසුවිපරම් කිරීම ස`දහා තමන්ගේ කණ්ඩායම් වෙත යොමුකරයි. මෙම ක‍්‍රියාවලියේ තවත් යාවත්කාලීන වීමක් ලෙස එසේ වර්ගීකරණය කිරීමට තාක්ෂණය වැඩි වැඩියෙන් යොදාගැනීමට ඉදිරියේ දී සැලසුම් කරන අතර ස්වංක‍්‍රියව අනර්තකාරී අන්තර්ගතයන් සොයා ගැනීම, ඒවාට විරුද්ධව පියවර ගැනීම සහ ඒවා හැකි ඉක්මනින් ඉවත් කිරීම මෙහි අවසාන අරමුණයි. මේ හරහා Facebook හී අන්තර්ගත පූනරීක්ෂකයන්ට විවිධ වූ සංකීර්ණ අන්තර්ගතයන් ගැන ගැඹුරු සහ සූක්ෂම විචාරයක් සිදුකරමින් ඒවායේ අවසන් තීරණය ගැනීම පිළිබ`දව තමන්ගේ අවධානය යොමු කිරීමට කාලය ඉතුරුවේ.

    සාමාජීය ප‍්‍රමිති තත්ත්වයන් බලාත්මක කිරීමේ වාර්තාව එළිදැක්වීම Facebook හී ද්වි වාර්ෂික පාරදෘෂ්‍ය වාර්තා එළිදැක්වීමට සමගාමීව සිදුවේ. මෙම ද්වි වාර්ෂික වාර්තාවේ සමාජ ජාලය භාවිතා කරන්නන්ගේ දත්ත පිළිබ`ද රජයන් විසින් කළ ඉල්ලීම්, දේශීය නීති අනූව අන්තර්ගතයන්ගේ සීමාකිරීම්, බුද්ධිමය දේපළ අවභාවිතාවන් අවම කිරීම් සහ අන්තර්ජාල අවහිර කිරීම් පිළිබ`ද පූර්ණ සංඛ්‍යා දත්ත ඇතුළත් වේ.

    අනාගතයේ දී සාමාජීය ප‍්‍රමිති තත්ත්වයන් බලාත්මක කිරීමේ වාර්තාව කාර්තුවෙන් කාර්තුවට ප‍්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තුවන අතර එම නිසා ඉදිරි වාර්තාව අගෝස්තු මාසයේ දී එළිදැක්වීමට නියමිතය.