May, 18, 2020
විශිෂ්ටත්වය අත්කර ගැනීමට ඇල්මක් ඇති සංවිධාන අතර තිබෙන ආකර්ශණය හොදින් විදහා දක්වමින්, ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් මෙරට ප්‍රකට ව්‍යවසායකයෙක් මෙන්ම පරිත්‍යාගශීලී පුරවැසියෙක් වන ඩිල්මා සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතාගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් විශේෂ උපහාරයක් දක්වා ඇත.
තේ කර්මාන්තය තුල ප්‍රනාන්දු මහතාගේ 70 වසරක සේවය අගය කිරීම ද මෙම සැමරුමට සමගාමීව සිදු විය. මෙහිදී එමිරේට්ස්හි කේටරිං අංශය භාර උපසභාපති ඩැරන් බොට් මහතා විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සුභ පැතුම් පණිවුඩයක් නිකුත්කරන ලදි.
28 වසරක් මුළුල්ලේ ඩිල්මා සමාගම විසින් නිපදවූ ලාංකේය තේ එකතුවක් ලොව පුරා ගුවන් මගීන්ට සැපයීම සදහා ආයතන දෙක අතර පවතින උණුසුම් හා ගෞරවනීය බැදීම මෙහිදි විශේෂයෙන් සඳහන් විය.
‘ඔබ ක්ෂේත්රයේ දැවැන්තයෙක් බව අවිවාදයෙන් පිළිගත යුතුයි. සත්‍ය වශයෙන්ම ඔබ ජාත්‍යන්තර තේ ප්‍රජාව තුල පියෙකුගේ ස්වරූපය උසුලනවා. පසුගිය වසර 28ක් මුළුල්ලේ ඔබ සමග කටයුතු කිරීමට ලැබීම මා මෙන්ම එමිරේට්ස් කණ්ඩායමට ද විශාල සතුටක්. ඔබ දන්නා පරිදි, ගුවන් ගමන් වලදී ඔබගේ තේ අපගේ මගීන්ට පිළිගන්වන්නේ දැඩි අභිමානයකින් යුක්තවයි. එසේම වසර 28ක් පුරා අප අතර පවතින සහයෝගීතාවය මගින් අපගේ මගීන්ට මුදලට ලබාගත නොහැකි ආකාරයේ ඉතා අපූරු අත්දැකීම් සමූදායක් නිර්මාණය කිරීමට හැකි වුණා,’ යනුවෙන් ඩැරන් බොට් මහතා පැවසීය.
එසේම, ‘ඔබ වසර 70ක් පුරාවට උසස් තේ නිර්මාණය කිරීම හා බෙදාහැරීම වෙනුවෙන් සිදුකල කැපවීමත්, ඔබගේ රට හා සමාජය වෙනුවෙන් කළ මහඟු සේවයත් අප ඉතා ගෞරවයෙන් අගය කරනවා. තේ කර්මාන්තයට අවංක බව යළි රැුගෙන ඒම පිළිබඳ ඔබේ දර්ශනයත්, ඉදිරි පරපුර උදෙසා යහපත් ස්ථානයක් බිහිකිරීම සඳහා තිරසාර උත්සහයන් ගැනීමට අදාළ ඔබගේ පෞද්ගලික මෙහෙවරත්, අඩු පහසුකම්ලාභීන් වෙනුවෙන් ඔබ සිදුකල ත්‍යාගශීලී උත්සාහයන් ද ඔබගේ දිගුකාලීන උරුමය බවට පත්වී තිබේ,’ යැයි ඒ මහතා තවදුරටත් පැවසීය.
ඩිල්මා සහ එමිරේට්ස් අතර සහයෝගීතාවයෙන් ගුවන් ගමන් අතරවාරයේදීත් ලොව පුරා එමිරේට්ස් ගුවන් මගී විවේකාගාර වලදීත් උසස්ම ශ්‍රී ලාංකීය තේ මාදිලි සැපයුමට පියවර ගෙන තිබේ. අද වන විට එමිරේට්ස් ගුවන් සේවය විසින් රසින් සහ සුවඳින් යුත් විශේෂ ඩිල්මා තේ වර්ග 12කින් යුත් එකතුවක් ගුවන් මගීන්ට ලබාදෙන අතර, මෙයට ගුවන් සේවය වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ තේ වර්ගයක් ද ඇතුලත්ය.
සෑම වසරකම, එමිරේට්ස් විසින් ඔවුන්ගේ සුවිශේෂී තේ මෙනුව හරහා සෑම පන්තියකම මගීන් සඳහා ඩිල්මා තේ කෝප්ප මිලියන 33කට අධික සංඛ්‍යාවක් සපයන අතර, මහද්වීප 06ක් පුරා විහිදී ඇති රටවල් 158ක් තුල ඩිල්මා සන්නාමය ප්‍රචලිත කරමින් සිටී.
සේයාරු සටහන - එමිරේට්ස් A380 ගුවන්යානයක් තුල එමිරේට්ස් හා ඩිල්මා එකතුව මෑතකදී පැවති තේ පැන් ඇගයීමේ වැඩසටහනකට සහභාගි වූ ඩැරන් බොට් මහතා (වමේ) මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා (මැද) සහ ඔහුගේ පුත්, ඩිල්මා තේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩිල්හාන් ප්‍රනාන්දු මහතා සමග.
Video Story