May, 25, 2020
මෑත කාලයේ ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්රයේ වඩාත්ම කතාබහට ලක්වූ නව්‍යකරණය මුසු සුඛෝපභෝගී නාගරික නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් වන Marina Square Uptown Colombo ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 මැයි මස 11 වැනිදා නැවත ආරම්භ කෙරිණ. ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සාමාන්‍යාධිකාරී බුද්ධික ගුණරත්න මහතා, “මේ වනවිට රටේ පවතින තත්ත්වය අනුව, සෞඛ්‍ය හා වගකිවයුතු අංශවල උපදෙස් ගරුකරමින් සුළු ප්‍රමාණයක සේවක පිරිසක් එක්ක අප වැඩ පටන් ගත්තා. ව්‍යාපෘතියේ වැඩකටයුතු තවදුරටත් ඉදිරියට ක්‍රියාත්මක වීමේදී අවශ්‍ය සේවක ප්‍රමාණය ක්‍රමානුකූලව වැඩිකරන්නට අප බලාපොරොත්තු වෙනවා. අප සමග කටයුතු කරන දෙස් විදෙස් හවුල්කාර පාර්ශ්ව හා සැපයුම්කරුවන් සියළුදෙනා මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දිවා රෑ වෙහෙසෙන්නේ ලැබී ඇති උපදෙස් පිළිපදිමින් සෞඛ්යාරක්ෂිත සේවා සංස්කෘතියක් පවත්වාගනිමින්.” යැයි පැවසීය. රජය හා වගකිවයුතු අංශ විසින් පනවා තිබෙන නීතිරීති රෙගුලාසි අනුව අදාල අනුමැතීන් ලබාගනිමින් Marina Square Uptown Colombo හි සියළු කටයුතු සිදුවන බව ඔහු අවධාරණය කළේය.
Marina Square ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා ලෙස අදහස් දැක්වූ China Harbour Engineering Company (CHEC) හි සෝ යොන්ග් මහතා “ඉදිකිරීම් ක්ෂේත්රයේ ලොව ප්‍රමුඛතම සමාගමක් ලෙස අප සතුව පවතින අත්දැකීම්, දැනුම හා සම්පත් එක්ක මේ ඉදිකිරීම සාර්ථකව සිදුකරන්නට අප කැපවෙනවා. මේ වනවිට ලෝකයම මුහුණපා තිබෙන අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉදිකිරීම් සඳහා අප මෙතෙක් භාවිතා කළ සැපයුම් ජාලය නැවත ස්ථාපිත කරගන්නට සුළු කාල සීමාවක් ගතවේවි. වගකිවයුතු අංශ පනවා තිබෙන නීති රීති අනුව Marina Square ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා සුරක්ෂිත හා කාර්යක්ෂම සේවාවක් ලබාදෙන්න අප සූදානම්.” යැයි පැවසීය.
Access Engineering PLC වෙනුවෙන් අදහස් දැක්වූ එහි කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටෝපර් ජොෂුවා මහතා “ඇඳිරි නීතිය සමග ගතවූ පසුගිය කාලය තිස්සේම වැඩබිමට එන්නට නොහැකිවූවත් අප සියළුදෙනා තම තමන්ගේ නිවෙස්වල සිටිමින්ම අන්තර්ජාලය හරහා සම්බන්ධවෙමින් Marina Square ව්‍යාපෘතිය සාර්ථක කරගන්නේ කෙසේදැයි නිරන්තරයෙන් සාකච්ඡා කළා, සැලසුම් සකස් කළා. ඇඳිරි නීති විරාමයෙන් පසු නව ජවයකින් ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප සතුටුවනවා වගේම ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින් ඉදිකිරීම් නියමිත දිනයට අවසන් කිරීමට හෝ අඩු ප්‍රමාදයකින් වැඩ අවසන් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතිනවා.” යැයි පැවසීය.
අලෙවි අධ්යක්ෂ ශිවංක ද සොයිසා මහතා අදහස් දක්වමින් Marina Square Uptown Colombo වෙනුවෙන් වැඩිදියුණු කළ පහසුකම් හා විශේෂාංග රැසක් එකතු කරන්නට එහි ව්‍යාපෘති සැලසුම් කණ්ඩායම සමත්ව ඇති බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ර්ණනිවාස හිමියන්ට කලින් වෙන්කළ පහසුකම් හා විශේෂාංගවලට අමතරව Squash Courts දෙකක්, අතිරේක උත්සව ශාලා දෙකක්, Table Tennis Lounge ගෘහස්ත ළමා ක්‍රීඩාගාරයක්, Snooker Lounge, විශාල Club House එකක් සහ Coffee Bar එකක් වැනි පහසුකම් හා විශේෂාංග එකතු කිරීමට ව්‍යාපෘති සැලසුම් කණ්ඩායමට හැකිව තිබෙනවා. ” යැයි පැවසීය. ඉදිරි කාලයේදී ඇතිවිය හැකි මෙවැනි ‘Lock down‘ තත්ත්වයකදී මහල් නිවාස සංකීර්ණයක ජීවත්වෙන නිවැසියන්ට සුවපත් මානසිකත්වයකින් සිටින්නට Marina Square තුළ ඉඩහසර ඇතැයි සොයිසා මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “අනාගතයේදී මෙවැනි තත්ත්වයකදී නිවාස හිමියන්ට අක්කර 5ක් පුරා පැතිරුණ Marina Square නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ වෙන්කර ඇති අක්කර 2 ක නිදහස් එළිමහන් පරිසරයට සුරක්ෂිතව පිවිසී නිදහසේ කාලය ගතකරන්න අවස්ථාව හිමිවන පරිදි අවශ්‍ය තාක්ෂණය හා සෞඛ්‍ය ආරක්ෂක විශේෂාංග එකතු කිරීමට කටයුතු කරනවා.” යැයි පැවසීය.
ක්‍රිස්ටෝපර් ජොෂුවා මහතා නැවතත් අදහස් දක්වමින් ර්ණඅපගේ ගනුදෙනුකාරභවතුන්ගේ ආයෝජනයට ඉහලම, වටිනාකමක් ලබාදෙන්නට Access Engineering PLC, China Harbour Engineering Company සහ Mustafa Singapore යන ජාත්‍යන්තරයේ කීර්තියට පත්ව සිටින ශක්තිමත් සමාගම් 3 එක්ව අත්වැල් බැඳගෙන සිටිනවා. එම සමාගම් 3 එකමුතු ශක්තියත් එක්ක, වර්තමානයේ ඇතිවෙලා තිබෙන අභියෝගාත්මක තත්ත්වය වැනි අනපේක්ෂිත ගැටළුවලට ශක්තිමත්ව මුහුණ දෙන්නට Marina Square ව්‍යාපෘතියට දැවැන්ත මූල්‍ය ශක්තියක් එක්ක සම්පත් රැුසක් හිමිවෙනවා.” යැයි පැවසීය.
කොළඹ වරාය ඉදිරිපිට ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ පළමු සහ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන Marina Square - Uptown Colombo නිර්මාණය කිරීමෙහිලා දෙස් විදෙස් ව්‍යාපාර ක්ෂේත්රයේ දැවැන්තයන් තිදෙනෙක් වන Access Engineering PLC, China Harbour Engineering Company සහMustafa Singapore සමාගම අත්වැල්බැඳගෙන සිටියි. කාර්යබහුල ජීවන රටාවකට හුරුව සිටින වෘත්තිකයන්ට හා ව්‍යාපාරිකයන්ට Marina Square - Uptown Colombo යනු එදිනෙදා රාජකාරීමය කටයුතු හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වාගෙන යාම උදෙසා පහසුකම් රැුසක් අන්තර්ගත වූ, සුපිරි නාගරික ජීවන රටාවක් උදෙසාම නිර්මාණය වූ නවීන සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකි. අක්කර 5 ක විශාල භූමිභාගයක, කුළුණු 5ක තට්ටු 36ක් පුරා පැතිර පවතින සුඛෝපභෝගී නිවාස 1068කින් සමන්විත Marina Square - Uptown Colombo හෙට ලොවේ නව කොළඹ පුරවරයේ හදවත බඳු උතුරු කොළඹ, නාගරික පරිසරයක සියළු අවශ්‍යතාවන් එකම තැනකින් ඉටුකරවාදීමේ ජාත්‍යන්තර සංකල්පය මත සුන්දර වටපිටාවක ගොඩනැගෙන්නකි. “Marina Square Uptown Colombo“ යනු සැබැවින්ම කාලයේ තාලයට ගැලපෙන ගෙවන මුදලට වඩා වටිනා නැණවත් අනාගත ආයෝජන අවස්ථාවකි.
Video Story