May, 26, 2020
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ පසුගිය මාර්තු 20 දින සිට දිවයින පුරා බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පැනවීමත් සමඟම කොළඹ කොටස් වෙළෙඳපොළ කටුයුතු ද සති 7 ක කාලයක් පුරාවට නවතා දැමීමට සිදුවිය.
කෙසේවෙතත් පසුගිය මැයි 11 වනදා සිට දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට පමණක් සීමා කරමින් කොටස් වෙළෙඳපොළ විවෘත වුව ද එදින ගනුදෙනු තත්පර 38 කට පමණක් සීමාවූයේ මිල දර්ශකවල දැවැන්ත පහළ යාම හේතුවෙනි. ඊට පසු දින එනම් මැයි 12 දින ද මිල දර්ශකවල පහළ යාමක් පෙන්නුම් කරමින් එදින ගනුදෙනු නිමාවූයේ කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 1,977,581,314,422 ක් ලෙස සටහන් කරමිනි.
ඉන් අනතුරුව මැයි 22 දින දක්වා එළඹි ගනුදෙනු දින 8 තුළ කොටස් වෙළෙඳපොළට අතිශයින් කාර්යබහුල සමයක් වූයේ පසුගිය සතියේ දින දෙකක් තුළ දී S&P Sl20 දර්ශකය 5% ක් 6% ක් ඉක්මවා ඉහළ ගිය අවස්ථා දෙකක් ද සටහන් කරමිනි. මෙම ගනුදෙනු දින 8 තුළ දී සමාගම් කොටස්වල කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් වූ අතර මැයි 22 සිකුරාදා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සමාප්තියේ දී, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. 2,244,081,319,229ක් ලෙසින් වාර්තා වුණි.
ඒ අනුව ගනුදෙනු දින 8 ක් තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙහි, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු බිලියන 1,977.58 සිට රු. බිලියන 2,244.08 ක් දක්වා රු. බිලියන 266.5 කින් ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් වසර ආරම්භය හා සැසඳීමේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය 21.30% කින් මේ වන විට පහළ ගොස් ඇත.
සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.
මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.
කොළඹ කොටස් වෙළෙඳපොළෞ ලැයිස්තුගත සමාගම් අතුරින් ඉහළම ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියන සමාගම් 25 විශාලත්වය අනුව පිළිවෙලින් පහත පරිදි වේ.

Video Story