June, 10, 2020
යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජර්මානු රජය සමඟ පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුමකට අද දින එළඹෙන ලදී.
ශ්‍රී ලංකාවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්හට ගෝලීය වෙළඳපළ තුළ ඇති තරඟකාරීත්වය වැඩිකිරීම සඳහා පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියෙන් බලාපොරොත්තුවේ.
ඉහත ව්‍යාපෘතීන් ජර්මානු රජයේ GIZ ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
වෘත්තීය පුහුණු සහ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන් වල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් දරණ ප්‍රයත්නයන්ට විවිධාකාරයේ මැදිහත් වීම් මඟින් තාක්ෂණික හා ප්‍රදාන අධාර සහයෝගීතාවයන් ලබා දෙමින් ජර්මානු රජය අනුග්‍රහය දක්වමින් සිටී.
උත්ක ප්‍රධාන වලට අදාල ගිවිසුම අත්සන් කිරීම අද දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී සිදු කරන ලදී. එම අමාත්‍යාංශයේ ලේකම්, එස්.ආර්. ආටිගල මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා ජර්මානු රජය වෙනුවෙනුත් එම ගිවිසුමට අත්සන් තබන ලදී.විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා සහ GIZ ආයතනයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටීන් ඉයන්ෆල්ඩ් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.


Video Story