ශ්‍රී ලංකාව තුළ COVID - 19 වසංගතය වැළැක්වීමේ ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ක්‍රමය යටතේ ජපන් යෙන් මිලියන 800 ක (දළ වශයෙන් රුපියල් මිලියන 1,360 ක) ආධාර මුදලක් ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
ඒ යටතේ MRI Scanner, CT Scanner, Bedside X-Ray Systems, Central Monitors, Bedside Monitors සහ Defibrillators වැනි වෛද්‍ය උපකරණ සපයා ගැනීමට හැකි වනු ඇත. ඒ අනුව එකී ප්රදානය ලබා ගැනීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් වන ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහාත් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.