June, 22, 2020
රේගු දත්තවලට අනුව, 2020 මැයි මාසය සඳහා වෙළඳ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 602 ක් උපයා ගෙන තිබූ අතර එය අප්‍රේල් මස අපයා ගත් ඇ.ඩො.මි. 277.4 හා සසඳන විට 117.16% ක වර්ධනයකි.
මැයි අපනයන කාර්යසාධනයත් සමඟ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ, අප්‍රේල් සිට මැයි දක්වා මෙතරම් ශක්තිමත් ප්‍රගතියක් දැකීම සතුටට කරුණක් වන අතර මැයි මස අපනයන විශිෂ්ට සාර්ථකත්වයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සමඟ සම්බන්ධ වීම පිළිබඳව අපනයන ව්‍යාපාරවලට ස්තූතිවන්ත වන අතර ඉදිරි මාස කිහිපය තුළද මෙම ප්‍රවණතාව දිගටම පවතිනු ඇති බවට විශ්වාසය තැබිය හැකි බවයි.
මැයි මස තුල ඇ.ඩො.මිලියන 325 කින් අපනයන වැඩිවීම ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වීමේ ධනාත්මක සලකුණකි. කෙසේ වෙතත්, 2019 මැයි මාසයේදී වාර්තා වූ ඇ.ඩො.මිලියන 957 ක් වන අපනයන ආදායම හා සසඳන විට එය ඇ.ඩො.මිලියන 355 කින් පසුපසින් සිටී.

පසුගිය මාසයට සාපේක්ෂව මැයි මාසයේ දී අපනයන අංශ සියල්ලන්ගේම වර්ධනයක් දක්නට ලැබිණ. ප්‍රධාන අපනයන අංශ දෙකක් වන තේ (ඇ.ඩො.මි 108) සහ ඇඟලුම් (ඇ.ඩො.මි 219) මිලියන සියයකට අධික ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර මැයි මාසයේ දී අනෙකුත් වැදගත් අපනයන අංශ වන්නේ රබර් සහ රබර් නිමි නිෂ්පාදන (ඇ.ඩො.මි 51) සහ පොල් නිෂ්පාදන (ඇ.ඩො.මි 52) වේ. අනෙකුත් වැදගත් අංශ වන කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන (ඇ.ඩො.මි 19), ආහාර හා පාන වර්ග (ඇ.ඩො.මි 24) සහ ධීවර නිෂ්පාදන (ඇ.ඩො.මි 12) පසුගිය මාසයට සාපේක්ෂව මැයි මාසයේ මධ්‍යස්ථ වැඩිවීමක් පෙන්නුම් කරයි.
රබර් අත්වැසුම් (කාර්මික හා ශල්‍ය), දියර පොල් කිරි, ඇගළුම් හා රෙදිපිළි, පුවක්, පොල් ක්‍රීම්, පරිප්පු, සහල්, ධාන්‍ය වර්ග 2019 මැයි මාසයට සාපේක්ෂව 2020 මැයි මාසයේදී ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරන ලදි.
2019 මැයි මස හැ සංසන්දනාත්මක විශ්ලේෂණයේ දී, 2020 මැයි මාසය තුළ ඇඟලුම් අපනයන (-48.23%) පහත වැටීමක් වාර්තා කර ඇත. එම කාල පරිච්ඡේදය තුළ සැලකිය යුතු අඩු වීමක් වාර්තා කර ඇති වෙනත් අංශ; තේ (-13.75%), පොල් නිෂ්පාදන (-8.71%), රබර් නිෂ්පාදන (-35.70%), ආහාර සහ පාන (-21.76%), කුළුබඩු (-15.80%), ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රොනික උපාංග (-41.35%), ඛනිජ තෙල් නිෂ්පාදන (-11.69%) සහ මුහුදු ආහාර (-39.29%) වේ.

2020 ජනවාරි - මැයි
2020 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 3456 ක් වූ අතර එය 2019 වසරේ ජනවාරි - මැයි කාලය තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 4845 හා සසඳන විට එය 28.7% ක අඩු වීමකි. මෙය 2020 දී ඇමරිකානු ඩොලර් මිලියන 10,750 ක සංශෝධිත වෙළඳ අපනයන ඉලක්කය හා සසඳන විට 32%ක අත්පත් කර ගැනීමකි.
ප්‍රධාන අපනයන අංශ වන ඇඟලුම් (ඇ.ඩො.මි. 1,535), තේ (ඇ.ඩො.මි. 457) සහ පොල් සහ පොල් ආශ්රිත නිෂ්පාදන (ඇ.ඩො.මි. 216) සහ රබර් සහ රබර් ආශ්රිත නිෂ්පාදන (ඇ.ඩො.මි. 280) 32%, පෙර වසරේ ජනවාරි - මැයි කාලයට සාපේක්ෂව 2020 ජනවාරි-මැයි කාලය තුළ පිළිවෙලින් 32%, 16% සහ 25% වේ. මෙම කාලය තුළ වර්ධනයක් වාර්තා කළ එකම අංශය වන්නේ ඛනිජ තෙල් නිෂ්පාදන යි.
මෙම කාල සීමාව තුළ දී අපනයනයන්ගේ වර්ධනයක් පෙන්වනු ලැබූ නිෂ්පාදන වනුයේ ලූණු, පුවක්, සියඹලා, සුදු ලූණූ, බතල සහ පරිප්පු වේ.
ඉතා සුළු පසුබෑමක් පෙන්වනු ලැබූ අංශ ලෙස අත් වැසුම්, මිට්ස් සහ මිට්න්, පොල් ඉරටු, සීනි හා ආශ්රිත රස කැවිලි සහ බුලත් වැනි අංශ වේ.
ජනවාරි - මැයි කාල සීමාව තුළ ප්‍රධාන අපනයන ගමනාන්ත වූයේ ඇමරිකා එක්සත් ජනපදය (ඇ.ඩො.මි 905), එක්සත් රාජධානිය (ඇ.ඩො.මි. 296), ඉන්දියාව (ඇ.ඩො.මි 221), ජර්මනිය (ඇ.ඩො.මි. 196) සහ ඉතාලියයි (ඇ.ඩො.මි 136).
Video Story