ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය' යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්ෂණ පීඨයේ ගොඩනැගිලි හා යටිතල පහසුකම් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි රුපියල් මිලියන 3,032.70 මුදලකට (බදු රහිත) M/s Maga - ICC Joint Venture වෙත ප්‍රදානය කිරීම පිණිස උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.