ඩොලර් මිලියන 4.05ක ශ්‍රීලංකන් ගුවන් තරණ රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන්

    July, 2, 2020

    ගුවන් සේවයේ මෙහෙයුම් සඳහා ගුවන් තරණ රක්ෂණාවරණය අනිවාර්ය අවශ්‍යතාවක් වන අතර සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් එම රක්ෂණාවරණය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව 2018 වර්ෂයේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් ලබා ගෙන ඇත.

    එය වාර්ෂිකව අලුත් කළ යුතුව ඇති අතර, 2020/2021 වර්ෂය සඳහා වන රක්ෂණාවරණය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින්ම ලබා ගැනීම පිණිස සීමාසහිත ශ්‍රීලංකන් එයාර්ලයින්ස් සමාගමේ ස්ථාවර තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇත.

    ඒ අනුව, අදාළ රක්ෂණාවරණය ඇමරිකානු ඩොලර් මිලියන 4.05ක මුදලකට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් ලබා ගැනීම පිණිස සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.