July, 2, 2020
මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඒ හේතුවෙන් සේවක වැටුප් හා අනෙකුත් වියදම් දරා ගැනීමට අපහසු වී ඇත.
එම තත්ත්වය යටතේ මාසිකව රුපියල් මිලියන 135ක් බැගින් භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා එම අරමුදල විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරන ලදී.
එකී අරමුදල දැනට මුහුණ පා ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීම මත කෙටි කාලීන ණය මුදලක් දේශීය බැංකුවක් වෙතින් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දීමටත්, ඉදිරියේදී රට තුළ සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමඟ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම් තත්ත්වය වැඩි කරගෙන එකී ණය මුදල පියවීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
Video Story