July, 3, 2020
සීමාසහිත සැම්සන් රජරට ටයිල්ස් (පෞද්ගලික) සමාගම සමඟ එක්ව ලංකා පිඟන් සංස්ථාව යටතේ පවතින ඔඩ්ඩුසුඩාන් ගඩොල් හා උළු කම්හලෙහි නිෂ්පාදන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස 2020 පෙබරවාරි මස 05 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
එහෙත් මේ වන විට ලංකා පිඟන් සංස්ථාව විසින් එම කම්හල නැවත විවෘත කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගිත්වය නොමැතිව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, පෞද්ගලික ආයෝජකයෙකුගේ සහභාගිත්වයෙන් තොරව එම කම්හලේ නිෂ්පාදන කටයුතු ලංකා පිඟන් සංස්ථාව විසින්ම සිදු කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ; සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story