July, 3, 2020
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කොවිඩ් 19 සඳහා අධ්‍යාපන අංශයේ සිදුකරන ඉතා වැදගත් ප්‍රතිචාර සඳහා අරමුදල් සහ සහයෝගය ලබා දෙමින් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (KOICA) ඇමෙරිකානු ඩොලර් 600,000 ක් (ශී‍්‍ර ලංකා රුපියල් මිලියන 111.4ක්) ප්රදානය කෙරෙන විධිමත් ගිවිසුමක් එම ඒජන්සිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) අතර අත්සන් කරන ලදී.
පියවර කිහිපයක් යටතේ යලි ඇරඹීමට සැලසුම්කර ඇති පාසල් කටයුතු වලට සමගාමීව පාසල් ආරක්ෂිතව කි‍්‍රයාත්මක වීමට සහ සියලූ දරුවන්ගේ ඉගෙනුම් යථාතත්වයට ගෙන ඒමට ඉඩ සැලෙසෙන කි‍්‍රයාකාරකම් සඳහා ඇමෙරිකානු ඩොලර් 600,000 ක මෙම ප්රදානය උපකාරී වනු ඇත. මෙම කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමග සහයෝගයෙන් සිදු කරනු ලබේ. විශේෂයෙන්ම ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රමවේදයන් කි‍්‍රයාත්මක කිරීම සහ, පාසල් වල අත් සේදීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම එයට ඇතුලත් වන අතර, පාසල් නැවත සම්පූර්ණයෙන්ම විවෘත වනතෙක් නිවෙස් වල රැුඳී සිටින දරුවන් සඳහා ඵලදායී සහ අඛන්ඩ ඉගෙනුමක් සහතික කිරීම සඳහා විකල්ප, නව්‍යකරණ ඉගෙනුම් ක්‍රමවේදයන් මගින් ඉගෙනීම ප්‍රතිසාධනය කිරීම සඳහා එමගින් අනුග්‍රහය ලබා දෙනු ඇත.
සිසුන්, දෙමාපියන් සහ රැුකබලාගන්නන් ඉලක්ක කර ගනිමින් අවදානම සම්බන්ධයෙන් සිදුකරන සන්නිවේදනය, පාසල්වල නිසි සනීපාරක්ෂාව ප්‍රවර්ධනය කිරීම, තොරතුරු, අධ්‍යාපන සහ සන්නිවේදන සම්පත් සහ උපකරණ සැපයීම සහ පාසල් ආරක්ෂිතව මෙහෙයවීමේ මාර්ගෝපදේශ මුද්‍රණය කර බෙදා හැරීම, වයසට සහ උසට සරිලන අත් සේදීමේ පහසුකම් ස්ථාපිත කිරීම සහ සනීපාරක්ෂාව සහ ආසාදන වැලැක්වීමේ ක්‍රමවේදයන් සඳහා අවශ්‍ය සැපයුම් ලබා ගැනීම සහතික කිරීම හරහා ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ ක්‍රමවේදයන් සහ පාසල් වල අත් සේදීමේ පුරුද්ද ප්‍රවර්ධනය කිරීම කි‍්‍රයාත්මක කරනු ඇත.
මුල්‍ය ප්රදානය ලබා දීමේ උත්සවය ඇමතූ කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ශී‍්‍ර ලංකා අධ්යක්ෂ යූන් හ්වා කෑන්ග් මහත්මිය මෙසේ පැවසුවාය: “මුළු ලෝකයම කොවිඩ්-19 වසංගතය සමග පොරබදමින් සිටින මොහොතක කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා ශී‍්‍ර ලංකා රජය මගින් ගනු ලැබූ සාර්ථක කි‍්‍රයාමාර්ග පිිළිබඳව ප්‍රශංසා කිරීමට මම කැමැත්තෙමි. මෙම දුෂ්කර කාලවලදී කොරියාව ශී‍්‍ර ලංකාව සමග සහයෝගයෙයන් කටයුතු කරන බව මම සතුටින් ප්‍රකාශ කර සිටිමි.”
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජ්‍ය නියෝජිත එමා බි්රග්හැම් මහත්මිය මෙසේ පැවසුවාය: “ණමෙම කාලෝචිත සහ ඉතා වැදගත් මුල්‍ය අනුග්‍රහය ලබාදීම සම්බන්ධයෙන් අපි කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියට ස්තූතිවන්ත වන්නෙමු. මෙම සහයෝගය ලැබෙන්නේ රජය විසින් පියවරෙන් පියවර පාසල් නැවත විවෘත කිරීම කි‍්‍රයාත්මක වන මොහොතකය. කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙහි මෙම අනුග්‍රහය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධ්‍යාපන අමාත්‍යාංශය සහ හවුල්කරුවන් සමග සිදුකරන කටයුතු වඩාත් තහවුරු කිරීමට ඉවහල් වන අතර, ළමුන් ආරක්ෂිත ලෙස නැවත පාසල් පැමිණීම සහ ඉගෙනීමේ කටයුතු සුමටව ප්‍රතිසාධනය කර ගැනීම සහතික කිරීමට උපකාරී වේ. ළමුන් හා තරුණයින්ද ඇතු`ඵව සමාජයේ වඩාත්ම අසරණ වී ඇතිි පුද්ගලයින් වෙත කොවිඞ්-19 මගින් ඇතිකරන අභියෝගයන් ජයගැනීම සහතික කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල රජය සහ හවුල් කරුවන් සමග අඛන්ඩව කටයුතු කරනු ඇත.”
ශී‍්‍ර ලංකාවේ කොවිඞ්-19 වසංගත තත්වය ආරම්භයේ සිටම, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධ්‍යාපන අමාත්‍යාංශය, අනෙකුත් රජයේ ආයතන සහ සංවර්ධන හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරමින් අධ්‍යාපන අංශයේ ප්‍රතිචාර සැලැස්ම සකස් කිරීමට සහාය දැක්වීම, කඩිනම් අධ්‍යාපන ඇගයීමක් සිදුකිරීම ඇතු`ඵව කොවිඞ්-19 සඳහා වූ රජයේ ප්‍රතිචාරයන්ට සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රතිසාධන කටයුතු වලට සහාය දක්වන ලදී. තවද, ආරක්ෂිත පාසල් මෙහෙයුම්/ ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා සහ දිවයින පුරා 1වන සහ 2වන ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හරින ලද 1වන සහ 2වන ශ්‍රේණියේ ඉගෙනුම් සම්පත් සහ උපකරණ සකස් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අධ්‍යාපන අමාත්‍යාංශයට සහයෝගය ලබා දෙන ලදී. පාසල් වලට අත් සේදුම් ස්ථාන සහ ආසාදන වැලැක්වීමේ සහ පාලනය කිරීමේ සැපයුම් ලබාදීම සඳහාද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනුග්‍රහය දක්වනු ලැබේ.
කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් ලැබෙන සහාය දිවයින පුරා ළමුන් සහ ප්‍රජාවන් විසින් ප්රතිලාභ ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සමග දිගුකාලීනව පවත්නා සම්බන්ධතාවයක නවතම අදියර වන්නේය. කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියෙන් සහාය ලබාදෙන ව්‍යාපෘතීන් අතර දෘඪාංග සහ මෘදුකාංග සැපයීමට මැදිහත් වීම තුලින් පාසල් 13ක ඉගෙනීමේ ප්‍රතිඵල ඉහල නැංවීම අරමුණු කරගත් කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අධ්‍යාපනික පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (2018-2022) ඇතුලත් වන අතර දැනට නිමකර ඇති සහයෝගීතාවයන් අතරට වසර 30ක ගැටුම් වලින් වැඩි බලපෑමක් ඇති කරන ලද අම්පාර, මඩකළපුව සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්ක වල පාසල් 24ක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ගුරු පුහුණුව මගින් ගුරුවරුන්ගේ ධාරිතාවය ඉහල නැංවීමේ නැගෙනහිර සහ උතුරු පළාත් වල අධ්‍යාපන ප්‍රතිසාධන ව්‍යාපෘතිය (2012-2016) ඇතුලත් වේ.
Video Story