රාජසන්තක කරන බීඩි කොළ විනාශ කරන්න තීරණය කරයි

    July, 9, 2020

    විධිමත් අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙන එන ලද බීඩි කොළ තොග ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර නියමිත රේගු ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම මීට පෙර සිදු කරන ලදී.

    එහෙත්, එම බීඩි කොළ මඟින් නිෂ්පාදිත බීඩි පාවිච්චියට ගනු ලබන පුද්ගලයින්ගේ සෞඛ්‍යයට ඇති වන අහිතකර බලපෑම සැලකිල්ලට ‍ගෙන මින් ඉදිරියට ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.