July, 9, 2020
2020 අගෝස්තු මාසයේ අවශ්‍යතාවන් සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම (කොමර්ෂල් පොහොර) යන ආයතන වෙත පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී මිල ගණන් කැඳවා ඇත.
එම මිල ගණන් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය සැලකිල්ලට ගෙන පහත සඳහන් පරිදි පොහොර සැපයීමේ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ආවරණ අනුමැතිය ලබා දෙන ලදී.
* යූරියා (ග්‍රැනියුලර්) මෙට්‍රික් ටොන් 60,000ක් + 5% ක් මෙට්‍රික් ටොන් 1 ක් ඇමෙරිකානු ඩොලර් 241.90 කට මිඩ්ගල්ෆ් ඉන්ටර්නැෂනල් ලිමිටඩ් වෙතින්.
* ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 15,000 + 5% ක් මෙට්‍රික් ටොන් 1 ක් ඇමෙරිකානු ඩොලර් 239.00කට ස්විස් සිංගප්පූර් ඕවර්සීස් එන්ටප්‍රයිසස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
Video Story