අන්තර්ජාතික ඉ-රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානය ශ්‍රී ලංකාවට

    July, 14, 2020

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධනය පිළිබද  2020 ඉ-රාජ්‍යය සමීක්ෂණ වාර්තාවට අනුව අන්තර්ජාතික ඉ-රාජ්‍ය සංවර්ධන ඇගැයුම් ක්‍රියාවලියේ උප කලාපීය ප්‍රමුඛ ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. ඉ-රාජ්‍ය සංවර්ධන ක්‍රියාවලිය රටක සංවර්ධනයේ  කැඩපතක් ලෙස සැලකේ.මෙම වාර්ථාව පෙන්වා දෙන ආකාරයට ලෝකයේ අනෙකුත්   රටවල්  හා සංසංදනය කිරීමේදී ශ්‍රී ලංකාව 94 වන  ස්ථානයේ සිට 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවී තිබේ.

    ඉ-රාජ්‍ය සංවර්තන ක්‍රියාවලියට අදාල මූලෝපායයික වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම ඉ-රාජ්‍ය ප්‍රතිපත්තිීන් සැකසීම හා ක්‍රියාත්මක කිරීම තුලින් රාජ්‍ය අංශය වඩාත් ඵලදායී හා පුරවැසි හිතකාමී ලෙස ර‍ාජ්‍ය සේවාවන් ඉලෙක්ට්‍රොනිකව ලබා දීම සඳහා ඩිජිටල් තාක්‍ෂණය යොද‍ා ගැනීම මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධන ක්‍රියාවලිය හා සම්බන්ධ සියළු කටයුතු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාවට නංවයි. එමගින් ක්‍රියාවට නංවා ඇති  රාජ්‍ය අංශයේ ඉ-සේවාවන් හා රාජ්‍ය බිහිදොර වැනි අන්තර්ජාල සේවාවන් හි වර්ධනය මෙම ඇගයීමට හේතු වී තිබේ. එමෙන්ම  මෙරට ඩිජිටල්  සේවාවන්ට අදාළ යටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය කෙරෙහිද මෙම විමර්ශනයේ අවධානය යොමු වී තිබේ.

    එක්සත් ජාතීන්ගේ 2020 ඉ-රාජ්‍ය වාර්තාව මගින් ලබා දී ඇති මෙම ඇගැයුම ඉදිරි ඩිජිටල් සංවර්ධන කටයුතු සදහා  වූ මුලෝපායික සැලසුම් සදහා අතිශයින් වැදගත් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.