July, 15, 2020
ඉන්දියානු සංචිත බැංකුව (Reserve Bank of India - RBI) සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර ඩොලර් බිලියන 1.1 ක යෝජිත විශේෂ විනිමය හුවමාරු (SWAP) පහසුකමෙහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ් මහතා අතර හමුවක් ඊයේ (14) සිදුවිය.
මෙම සාකච්ඡාව අතරතුර වැඩබලන මහ කොමසාරිස්වරයා මෙම විධිවිධානය සාර්ථක කර ගැනීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ.මේ අතර වැඩබලන ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අතර ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික සබඳතා පිළිබඳ සුහද සාකච්ඡාවක් ද මෙහිදී සිදුකෙරිණි.

Video Story