අධි-තාක්ෂණ විශ්වවිද්‍යාල 10ක් ස්ථාපිත කිරීමට ශක්‍යතා අධ්‍යයන ඇරඹෙයි

    July, 16, 2020

    සෞභාග්‍යයේ දැක්ම සංවර්ධන ප්‍රවේශයේ සඳහන් පරිදි තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු තාක්ෂණ හා ජෛව තාක්ෂණ ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම ඉලක්ක කරගත් දිස්ත්‍රික් අධිතාක්ෂණ විශ්වවිද්‍යාල (High-Tech Universities) 10ක් ස්ථාපනය කිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.
    ඒ අනුව, නුවරඑළිය, කළුතර, හම්බන්තොට, මාතලේ, පුත්තලම, මන්නාරම, මුලතිව්, ගාල්ල, පොළොන්නරුව හා කෑගල්ල යන දිස්ත්‍රික්ක 10 ආශ්‍රිතව මූලික ශක්‍යතා අධ්‍යයන ක්‍රියාවලිය ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අවශ්‍ය පියවර ගෙන ඇති බව උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.
    ඡායාරූපය -Nanyang Technological University Academic Building, Singapore