ගල් අඟුරු ආනයනයට නිකුත් කළ රු. බිලියන 11ක ඇපකරයේ වලංගු කාලය දීර්ඝ කෙරේ

    July, 23, 2020

    නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු ආනයනය කිරීම වෙනුවෙන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා  ලංකා ගල් අඟුරු සමාගම විසින් ගල් අඟුරු ආනයනය කිරීමට අදාළව මහා භාණ්ඩාගාරය විසින් මහජන බැංකුව වෙත නිකුත් කර ඇති රුපියල් බිලියන 11ක් වටිනා භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල සීමාව 2020 අගෝස්තු 31 දින අවසන්වීමට නියමිතව ඇත.

    එකී භාණ්ඩාගාර ඇපකරයේ වලංගු කාල සීමාව එදින සිට තවත් වර්ෂයකින් දීර්ඝ කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.