July, 24, 2020
ජාතික ආර්ථිකය පුනර්ජීවනයක් කිරීම සඳහා යෝජනා මාලායක් ඉදිරිපත් කිරීමට FCCISL සහ PwC ශ්‍රී ලංකා අතිනත ගෙන වඩාත් සුවිශේෂී වූ ජාතික ව්‍යාපාරික අධ්‍යයනයක් දියත් කරයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වේගවත් සහනයක් සහ ශක්තිමත් වර්ධනයක් ලබා දීමේ ධනාත්මක කාර්ය භාරය ඉටු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ PwC ශ්‍රී ලංකා ක්‍රමෝපායන වශයෙන් ඒකාබද්ධ වී කටයුතු කරයි.
ඒ වන විටත් හීන වර්ධනයක් පෙන්නුම් කළ දේශීය ආර්ථිකය කොවිඩ්-19 වසංගතය නිසා උග්‍ර ලෙස පහත වැටී තිබෙන අවස්ථාවක, FCCISL එහි ආනුශංගික අංශීය කොටස්කරුවන් සමඟ එක්වී ප්‍රධාන ව්‍යාපාරික අංශ වේගයෙන් ප්‍රකෘතිමත් කිරීමට සහ වර්ධනයක් ඇති කිරීමට ප්‍රතිපත්තිමය සංවාදයක් ඇති කරමින් දේශීය සහ අන්තර්ජාතික සහාය ලබා ගැනීමට වැඩපිළිවෙලක් දියත් කළේය.
සියලුම ආකාරයේ ව්‍යාපාරික අංශ කෙරෙහි FCCISL සතුව ඇති රටපුරා පැතිරුණු අසීමිත නියෝජනය සහ PwC බහුවිධ ක්ෂේත්‍රවල දක්වන විශේෂඥතාව සහ ප්‍රවණතාව ගැන සහ අනාගත ව්‍යාපාර හැඩගැස්වීමේ ප්‍රායෝගික පියවරයන් ගැන ඇති ගැඹුරු අවබෝධය එක්කොට ගෙන දෙපාර්ශවය ඉලක්ක කරන්නේ දේශීය ව්‍යාපාර නැංවීමේ වැඩපිළිවෙලකට අතගැසීමයි. මෙහිදී ආර්ථිකයේ ඉතාම වැදගත් සුළු හා මධ්‍ය පරිමාණ අංශය ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පුනර්ජීවනය වේගවත් කිරීමට කටයුතු සම්පාදනය කිරීමට මාර්ගයක් විවෘත කිරීමට අපේක්ෂා කෙරේ.
දේශීය ව්‍යාපාරවලට සහයෝගය ලබා දීමේ දී FCCISL ඉටුකර ඇති ප්‍රමුඛතම කාර්යභාරය නැවත සවිබල ගන්වමින් PwC සමග අතිනත් ගෙන බහුවර්ගීය ව්‍යාපාර පුනර්ජීවන වැඩසටහනක් රටපුරා ක්‍රියාවට නංවා ඇත. FCCISL සහ PwC ශ්‍රී ලංකා ව්‍යාපාර පුනර්ජීවන අධ්‍යයනය ලෙස හඳුන්වන මෙය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඒ ආකාරයේ විශාලතම වැඩසටහනයි. මේ අධ්‍යයනයේ දී ප්‍රධාන ක්ෂේත්‍ර පහක අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අඩිතාලමක් දමයි.
අ. ව්‍යාපාර වේගයෙන් ප්‍රවර්ධනය කිරීමට අවහ්‍ය වැඩසටහනක් සකස් කිරීමට අවහ්‍ය ව්‍යාපාරික අභිලාෂයන් සහ දියුණු වීමට ඇති කැමැත්ත පිළිබඳ නවතම ඇගයීමක් ලබාගැනීම.
ආ. දේශීය කර්මාන්ත සහ වාණිජ්‍යයේ වර්ධනයට බලපාන වෙළෙඳපොළ අභියෝග සහ ප්‍රධාන ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධ දත්ත සහිතව ගොඩනැගූ නිර්දේශ සහ යෝජනා අදාළ පාර්ශවකරුවන්ට ඉදිරිපත් කිරීම.
ඇ. නව ව්‍යාපාර අවස්ථා සහ අන්තර් කාර්මික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම.
ඈ. කර්මාන්තවල හැකියාවන් සහ තරඟකාරීත්වය වර්ධනය කිරීමේ මාර්ග සිතියම් නිර්මාණය කිරීම සහ
ඉ. දේශීය සහ අන්තර්ජාතික සංවර්ධන සහායක වෙළෙඳ සහායන ආයතනවලින් මූල්‍ය සහ තාක්ෂණික ආධාර ලබා ගැනීමට සාර්ථකව මෙහෙයුම් කිරීම.
පෞද්ගලික අංශය, බහුපාර්ශවයන් සහ අන්තර්ජාතික සංවර්ධන ආයතන සමඟ සහ රජයේ පාර්ශවය සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ වැඩිකිරීමෙන් ලබාගත් අනූපමේය අත්දැකීම් ඇති PwC ශ්‍රී ලංකා ආයතනය මෙම වැඩසටහනේ දැනුම් පාර්ශවකරු ලෙස කටයුතු කරන අතර හ් කටයුත්තට ප්‍රායෝගික විසඳුම් සවීමට ක්‍රියාකරයි.

මේ කටයුත්ත ගැන අදහස් පළ කරමින් FCCISL හි අධ්‍යක්ෂ සහ FCCISL හි ක්‍රමෝපායන කමිටුවේ සාමාජික රුවන් ද සිල්වා මහතා මෙසේ කීවේය. “වසර ගණනාවක් තිස්සේ රටේ ආර්ථිකයේ ගාමක බලවේගය වූයේ පෞද්ගලික අංශයය. මේ වන විට මතුව ඇති ප්‍රශ්න රැසක් විසඳා ගැනීමට එය අන් කවරදාටවත් වඩා ආණ්ඩුව සමඟ අතිනත් ගත යුතුය. එසේම කොවිඩ් 19 වසංගතයෙන් අනතුරුව ඇති වී තිබෙන නව අභියෝගවලට මුහුණ දීමට ද සිදුවී තිබේ. සියලුම ආකාරයේ කර්මාන්තවල සහ සියලුම ප්‍රමාණයේ කර්මාන්තවල නියෝජිතයකු වශයෙන්, ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා වඩාත් පරිපූර්ණ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට FCCISL ඉලක්ක කරයි. මේ අනුව දේශීය ව්‍යාපාර කළමනාකරණයට සහ පවතින අස්ථාවර තත්ත්වයෙන් ඉවතට පැමිණ ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට අවශ්‍ය ශක්තිය ලබාදීමට, තරඟකාරීත්වය වර්ධනය කිරීමට, වෙළෙඳාම වර්ධනය කිරීමට සහ විදේශ වෙළෙඳපොළට ප්‍රවේශ වීමට සහාය ලබා දීමට බලාපොරොත්තු වේ.
PwC ශ්‍රී ලංකා හි ක්‍රමෝපායන උපදේශන අංශ ප්‍රධානී ලසංග අබේසූරිය මහතා මෙසේ කීවේය. “ගෝලීය වසංගතය නිසා ඇති වී තිබෙන පෙර නොවූ විරූ අභියෝග හමුවේ ශක්තිමත්ව නැඟී සිටීමට අප තිරසාර විසඳුමක් සොයාගත යුතුය. ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වය ධනාත්මක ලෙස යොදවා ගැනීමට ශ්‍රී ලංකාවට අද්විතීය අවස්ථාවක් උදා කර තිබේ. එනම් රටේ ව්‍යාපාරික පසුබිම සහ කර්මාන්ත කරඟකාරීත්වය වර්ධනය කිරීමට නව ප්‍රගතිශීලී ප්‍රවේශයන් සොයායාමට මෙය කදිම අවස්ථාවකි. රටේ කුමන ආකාරයේ අභියෝග පැවතියත් ශ්‍රී ලංකාවේ පිහිටි ඇතැම් ව්‍යාපාර ගෝලීය වශයෙන් සාර්ථකත්වයක් ලබාගෙන තිබේ. මේ අධ්‍යයනය තුළින් අපට තිබෙන ප්‍රධාන ප්‍රශ්න රැසකට සහ නව අභියෝග රැසකට පිළිතුරු සෙවීමට හැකිවුවහොත් ශ්‍රී ලාංකික ජනතාවගේ උපාය කුසලතාවය සමඟ තෝරාගත් අංශවලට ඉහළ ගුණාත්මක සෘජු විදෙස් ආයෝජන එකතු කිරීමෙන් දේශීය ව්‍යාපාරවල හැඩය පරිවර්තනයකට ලක්කළ හැකි අතර පුළුල් ආර්ථිකයකට සත්‍යවශයෙන්ම ගමන් කළ හැකිය“.
2020 ජූලි සහ අගෝස්තු මාසවල දී අන්තර්ජාලය පදනම් කරගත් ත්‍රෛභාෂික අධ්‍යයනයක් පැවැත්වෙන අතර ආරම්භක මට්ටමේ පවතින සහ වර්ධනය වූ ව්‍යාපාර සමූහයක් ලෙස පවතින ඕනෑම මට්ටමක ලියාපදිංචි ව්‍යාපාරයකට මෙයට සම්බන්ධ විය හැකිය. මේ අධ්‍යයනය ඉතා පහසුවෙන් සම්පූර්ණ කළ හැකි ආකාරයේ ප්‍රධාන අංශ 4 කින් සමන්විත වේ. මේ අංශවලට පහත දෑ අයත් වේ.
අ. සේවය සලසන වෙළෙඳපොළ සහ භාවිත කරන සැපයුම් මාර්ග ඇතුළු ව්‍යාපාරික පසුබිමේ තොරතුරු.
ආ. මෙහෙයවීම් සිදුකෙරෙන ස්ථාන, පරිමාණය, සේවක ඇණියේ ප්‍රමාණය සහ සංයෝජනය ඇතුළු සමාගමේ පසුබිම.
ඇ. ව්‍යපාරික ක්‍රමෝපාය සහ මෙහෙයුම් සඳහා කොවිඩ් 19 වසංගතයේ බලපෑම සහ අද වන තෙක් එට පිටුදැකීමට ගත් ක්‍රියාමාර්ග.
ඈ. ස්ථාවරත්ව මට්ටමට නැවත ළඟා වීම සඳහා ඇති බලාපොරොත්තුව සහ ව්‍යාපාර වර්ධනයන්, ව්‍යාපාරික ක්‍රමෝපායන ප්‍රමුඛතා නැවත සලකා බැලීම සහ කෙටි - මධ්‍ය කාලීන සහාය සහ පුනරුත්ථාපනයට උදව් කිරීමට නිර්දේශ සහ වර්ධන උත්සාහයන්.
“දේශීය ව්‍යාපාර සඳහා කොවිඩ් 19 බලපෑ ආකාර ප්‍රධාන වශයෙන් තක්සේරු කිරීමට සිදුකළ විවිධ අධ්‍යයනයන් මෙන් නොව, FCCISL සහ PwC ශ්‍රී ලංකා ව්‍යාපාර පුනර්ජීවන අධ්‍යයනය වඩාත් අනාගතවාදී වන අතර, විවිධාකාර කර්මාන්ත අංශ මුහුණ දෙන ප්‍රධාන අභියෝගයත් පිටුදැකීමට යෝජනා ඉදිරිපත් කරයි. මේ අධ්‍යයනයේ මූලික අරමුණ වන්නේ භූගෝලීය කලාපවල හෝ මෙහෙයුම් සිදුකරන පරිමාව හෝ නොසලකා තනි තනි කර්මාන්තයට අනන්‍ය වූ අවශ්‍යතා ඉස්මතු කිරීමයි“, යැයි අධ්‍යයනය ගරන කතා කරමින් අබේසූරිය මහතා කීවේය.
දේශීය ව්‍යාපාරවලය FCCISL සහ PwC ශ්‍රී ලංකා ව්‍යාපාර පුනර්ජීවන අධ්‍යයනයට සහභාගී වී තම දැක්ම සහ අත්දැකීම් බෙදාගැනීමට ආරාධනා කරන අතර ව්‍යාපාරවලට දෙපයින් සිට ගැනීමට උපකාර කරන අංගසම්පූර්ණ වැඩසටහනක් ඇති කිරීමට ඒ අත්දැකීම් සහ අදහස් වැදගත් වේ. මේ සඳහා සහභාගී වීමට FCCISL වෙබ් අඩවිය වන www.fccisl.lk සහ මාධ්‍ය අනුග්‍රාහකයින්ගේ වෙබ් අඩවිවල ලින්ක් එක වෙත ප්‍රවේශ වන්න. මේ අධ්‍යයනය සඳහා සහභාගී වීමට ඇති අවසාන දිනය වන්නේ 2020 අගෝස්තු 09 වැනිදාය.
Video Story