July, 27, 2020
2020 වසරේ මුල් මාස 04 තුළ දී මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රු. බිලියන 13,031.5 සිට රු. බිලියන 14,024.7 ක් දක්වා රු. බිලියන 993.2 කින් වැඩි වී ඇති බව නවතම වාර්තාවක සඳහන් වේ.
මෙහිදී රජය විසින් දේශීය වශයෙන් ගෙවීමට ඇති ණය රු. බිලියන 6,629.1 සිට රු. බිලියන 7,217.7 ක් දක්වා රු. බිලියන 588.6 කින් ඉහළ ගොස් ඇති අතර විදේශයන් වෙත ගෙවිය යුතු ණය රු. බිලියන 6,402.4 සිට රු. බිලියන 6,807.1 ක් දක්වා රු. බිලියන 404.7 කින් වැඩි වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන් වේ.

Video Story