August, 17, 2020
ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල සේවය කරන සංක්‍රමණික සේවකයින්ට ලැබුණු උත්සව දීමනා හේතුවෙන්, පෙර වසරේ ජූනි මාසය සමඟ සැසඳීමේ දී 2020 ජූනි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 572ක් දක්වා සියයට 6.7 වැඩිවීමක් වාර්තා කළේය.
කෙසේ වෙතත් සමුච්ඡිත පදනම මත සැලකූ විට, 2019 වසරේ පළමු මාස හයට සාපේක්ෂව 2020 වසරේ පළමු මාස හය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 2,980ක් දක්වා සියයට 8.9ක අඩුවීමක් වාර්තා කළේය.
මේ අතර කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 ජූනි මාසයේ දී අඛණ්ඩව තුන්වන මාසය සඳහා සංචාරක පැමිණීම් කිසිවක් වාර්තා නොවීමත් සමඟ, 2019 වසරේ පළමු මාස හය තුළ දී පැමිණි 1,008,449 ක සංචාරකයන් ප්‍රමාණය හා සැසඳීමේ දී 2020 වසරේ පළමු මාස හය තුළ සමුච්ඡිත සංචාරක පැමිණීම් ප්‍රමාණය 507,311ක් ලෙස පැවතුණි.
ඒ අනුව, සංචාරක පැමිණීම් මත පදනම්ව ඇස්තමේන්තුගත කෙරෙන සංචාරක ඉපැයීම් 2020 වසරේ පළමු මාස හය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 956ක් වූ අතර, එය 2019 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 49.7ක අඩුවීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2020 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story