මහ බැංකුවේ විදේශ සංචිත කළමනාකරණයට දත්ත කළමනාකරණ පද්ධතියක් සිංගප්පූරුවෙන්

    August, 27, 2020

    රටෙහි විදේශ සංචිත කළමනාකරණයේ දී දැනට පවතින අවශ්‍යතා සපුරාලීමට මෙන්ම ඉදිරි වර්ධනයන් සඳහා ද ඵලදායී ලෙස පහසුකම් සැලසීමට හැකි වන පරිදි නව දත්ත කළමනාකරණ පද්ධතියක් ප්‍රසම්පාදනය සඳහා කටයුතු ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් 2019 ජූනි මස 07 දින අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව එකී දත්ත කළමනාකරණ පද්ධතිය සපයා, ස්ථාපනය කර, ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර තරඟකාරී පදනමින් ලංසු කැඳවා තිබේ.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ලංසු පිළිබඳව ඉදිරිපත් කර ඇති නිර්දේශය සහ යෝජිත ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි අදහස් දැක්වීම් හා නිර්දේශ සැලකිල්ලට ගනිමින් එකී ප්‍රසම්පාදනය සිංගප්පූරුවේ SimCorp Pte. Limited ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.