August, 31, 2020
කාල (1/4) ප්‍රමාණයේ මත්පැන් බෝතල් මෙරට තුළ තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එම බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මිද්දෙනිය වැලිපිටියේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“කාලේ මත්පැන් බෝතල් නතර කරන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒවා ආපසු ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා ඒ නිෂ්පාදකයන්ට අපි දැනුම් දීමක් කරනවා එන සතියේ. එසේ නැත්නම් එය තහනම් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම සැෂේ පැකට් වහාම තහනම් කරන්න අවශ්‍ය පිවර ගන්නවා. එසේම පොලිතීන්, ප්ලාස්ටික් නිමි භාණ්ඩ විදියට රටින් ගේන ඒවා නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සියලු තීන්දු ගන්නේ පරිසරය ආරක්ෂා කර ගන්නත්, අපේ ජනතාව ආරක්ෂා කරගන්නත්“, යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Video Story