අඹේවෙල නවසීලන්ත ගොවිපල නරඹන්නන්ට යළි විවෘත කෙරේ

    September, 2, 2020

    අඹේවෙල පිහිටි නවසීලන්ත ගොවිපල 2020 සැප්තැම්බර් 01 දින සිට නරඹන්නන් සඳහා යළි විවෘත කරන බව ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී දැනුම් දී සිටී.

    ෆ්‍රීෂියන් සහ අයෂයර් වර්ගයන්ට අයත් එළදෙනුන්, සානන්, ජමුනාපාරි හා බෝයර් වර්ගයට අයත් එළුවන් සහ කැලිෆෝනියන් ජයන්ට් වර්ගයේ හාවුන් මෙම ගොවිපල වෙත පැමිණීමෙන් නැරඹිය හැකිවේ.

    හරිත වර්ණයෙන් යුක්ත මනරම් වටපිටාවකින් යුතු අඹේවෙල පිහිටි නවසීලන්ත ගොවිපල නැරඹීම සඳහා ලංකා මිල්ක් ෆුඩ්ස් පීඑල්සී ජනතාව වෙත සාදරයෙන් ආරාධනය කර සිටී/