රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයින් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබා දීමට හැකි වන පරිදි නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020-05-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල් බිලියන 25ක ණයකර නිකුතුවක් සිදු කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
එසේම ව්‍යාපෘතිය යටතේ ඉදි කරනු ලබන නිවාස විකිණීමෙන් ලැබෙන ආදායම මඟින් ණයකර පියවීමටත්, එම නිවාස මිල දී ගැනීම පිණිස අදාළ ගැනුම්කරුවන් වෙත අවුරුදු 25 - 30ක කාල සීමාවක් සඳහා සහන ණය පොළී අනුපාතයක් මත රාජ්‍ය බැංකු මඟින් නිවාස ණය ලබා දීමටත් අනුමැතිය ලබා දෙන ලදී.