Swiss Singapore Overseas වෙතින් පුත්තලම බලාගාරයට ඩොලර් මිලියන 16.18ක ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීමක්

    September, 3, 2020

    පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා ක්ෂණික මිල දී ගැනීම් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000ක් සපයා ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Swiss Singapore Overseas Enterprises Pte. Ltd, වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 16.18ක මුදලකට පිරිනැමීම සම්බන්ධයෙන් ආවරණ අනුමැතිය ලබා ගැනීම පිණිස විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.