ඇමති විමල් හමුවීමට ‘දියසෙන්‘ පැමිණෙයි

    September, 14, 2020

    දකුණු ආසියාවේ ප්රථම හියුමොනොයිඩ් රොබෝවරයා වන ‘දියසෙන්’ හි නිර්මාතෘ, ඇරිමැක් පෞද්ගලික සමාගමේ (Arimac Pvt Ltd) ප්රධාන විධායක නිලධාරී චමීර ප්රසාද් ජයසිංහ මහතා ඇතුළු ඔහුගේ එම විස්මිත නව නිපැයුමට දායක වූ තරුණ කණ්ඩායම අද (13) කර්මාන්ත අමාත්යාංශයේ පැවැති ‘කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ කර්මාන්ත අමාත්ය විමල් වීරවංශ මහතා හමුවිය.
    මේ පිරිස අමාත්යවරයා හමු වූයේ සිය ‘දියසෙන් රොබෝවරයා’ ද සමගිනි. එහි ක්රියාකාරීත්වය විමසා බැලූ අමාත්යවරයා එම රොබෝ යන්ත්රයට දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කර දීමට ගත හැකි සියලු පියවර ගන්නා බව පැවසීය. එසේම එම නව නිර්මාණකරුට ඒ මොහොතේදීම ආයෝජකයකු සම්බන්ධ කර දීමට පියවර ගත් අමාත්යවරයා රාජ්ය බැංකුවක් සම්බන්ධ කර දෙමින් ඔවුනට තම රොබෝ යන්ත්රය වෙළඳපොළට හඳුන්වා දීමට මූල්ය පහසුකම් සපයා ගැනීමට පහසුකම් සලසා දෙනු ලැබීය.