September, 18, 2020
* දේශීයව වගා කළ හැකි හෝ නිෂ්පාදනය කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ, වෙළඳ භාණ්ඩ සහ මෝටර් වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීම.
* සැපයුම්කරුවන් විසින් ලබා දෙන ලද ණය පහසුකම මත හෝ විදේශ විනිමය වැය නොවන පදනම මත තෝරාගත් භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා දීම.
* දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්තය, අපනයන සැකසුම් සහ දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවසර ලබා දීම.
ඒ අනුව, ඉහත සඳහන් පියවරයන් ක්‍රියාත්මක කිරීම සඳහා 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් නිකුත් කරන ලද අති විශෙෂ ගැසට් නිවේදන හතරක් (04) පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story