September, 22, 2020
ජාතික සන්නිවේදන පෙරගමන්කරු ලෙස තම කාර්යයභාර්යය මැනවින් ඉටුකරමින් SLT සමූහය අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශයන්ට අනුව ලංකාගම ග‍්‍රාමයට අධිවේගී සන්නිවේදන පහසුකම් ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරන ලදී.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය 2020 සැප්තැම්බර් 20 වැනිදා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීයග මෙම උත්සවය සඳහා ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා, SLT සහ මොබිටෙල් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, SLT ප‍්‍රධාන විධායක නිලධාරී කිත්තිි පෙරේරා මහතාල SLT ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී - එම්.බී.පී. ෆර්නැන්ඩස් මහතා, SLT ප‍්‍රධාන අලෙවි නිලධාරී ප‍්‍රභාත් දහනායක මහතා, මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා, මොබිටෙල් ආයතනයේ ප‍්‍රධාන අලෙවි නිලධාරී ශශික සෙනරත් මහතා, මොබිටෙල් ජ්‍යේෂ්ඨ සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු හා මෙහෙයුම් රසන්ත හෙට්ටිතන්ත‍්‍රිගේ මහතා SLT - මොබිටෙල් තාක්ෂණ හවුල්කරුවන් වන Huwaei, ZTE සහ අනෙකුත් නිලධාරීන් ඇතුළු ලංකාගම ග‍්‍රාමීය ප‍්‍රජාවද සහභාගීවිය.
ගාලූ දිස්ත‍්‍රික්කයේ නෙළුව ලේකම් කාර්යාලයට අයත්වන සිංහරාජ අඩවියට මායිම්ව පිහිටා ඇති ලංකාගම, ඉතාම කෙටි කලක් තුළ අවශ්‍ය අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ වැඩි දියුණු කර සුපැහැදිළි ඇමතුම් පහසුකම් ලබාදීම SLT සහ මොබිටෙල් සමූහයට හැකිවිය. මීට අමතරව අතිදුෂ්කර ප‍්‍රදේශයක පිහිටි පාසලක ඉගෙනුම ලබන දරුවන්ට නූතන සන්නිවේදනයේ සුවිශේෂී පහසුකම් ලබාදෙමින් ස්මාර්ට් පන්ති කාමරයක් (Smart Classroom) පිරිනැමීය. එහිදී එයට අවශ්‍ය සියලූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ටැබ්ස් සහ ලැප්ටොප් ප‍්‍රදානය කිරීම, අවශ්‍ය අධ්‍යාපනික උපකරණ, සහ පොත්පත් ඇතුළු බොහෝ දේ එම දරුවන් වෙත ප‍්‍රදානය කරන ලදී.
මෙහිදී අදහස් දැක්වූ SLT සහ මොබිටෙල් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, ‘‘ ජාතික සන්නිවේදන පෙරගමන්කරුවා ලෙස ලංකාගම ග‍්‍රාමයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සහ සුපැහැදිළි ඇමතුම් සේවා ලබාදෙමින් එම ග‍්‍රාමය සන්නිවේදනයෙන් සන්නද්ධ කිරීමට අතිගරු ජනාධිපතිතුමා වෙත අප ලබාදුන් පොරොන්දුව ඉතා ඉක්මණින් ඉටුකිරීම ගැන අපි මහත් ආඩම්බරයට පත්වන්නෙමු. රටේ ග‍්‍රාමීය - නාගරික ඩිජිටල්කරණයේ බෙදීම අවම කරමින් ග‍්‍රාමීය ප‍්‍රදේශ ඩිජිටල්කරණයෙන් බලගැන්වීමේ වගකීමට සමූහයක් ලෙස උරදෙමින් අපේ මෙහෙය ඉටුකිරීමට අපි කැපවී සිටින්නෙමු.”
2025 දී ඩිජිටල්කරණය වූ ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කරමින් රටේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ ගෝලීයව ඩිජිටල්කරණයේ ප‍්‍රමුඛයකු ලෙස ඉදිරියටයාමේ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම සාක්ෂාත් කරන්නට අවශ්‍ය පහසුකම් සපයමින් SLT සහ මොබිටෙල් අති දුෂ්කර ග‍්‍රාමයන් සන්නිවේදන සහ අධිවේගී අන්තර්ජාල සේවා පහසුකම් ලබාදෙමින් ශ‍්‍රී ලංකාව තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට කැපවී සිටී.
Video Story