September, 22, 2020
2020 සැප්තැම්බර් 16 දින වන විට මෙරට රජයේ සුරැකුම්පත් හි විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 13,505 ක් ලෙසින් වාර්තා වේ.
2020 සැප්තැම්බර් 09 දින වන විට මෙම අගය රු. මිලියන 12,647 ක් ලෙසින් වාර්තා විය.
මේ අනුව අදාළ සතිය තුළ දී රජයේ සුරැකුම්පත්වල විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 858 කින් ඉහළ ගොස් තිබේ.
2020 ජනවාරි 01 දිනට රජයේ සුරැකුම්පත්වල ආයෝජිත සමස්ත විදෙස් ආයෝජන ප්‍රමාණය රු. මිලියන 104,020 ක් ලෙසින් වාර්තා වූ අතර එය පසුගිය කාලපරිච්ඡේදය පුරාවට ක්‍රමයෙන් පහළ බසින ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.
මේ වන විට රජයේ සුරැකුම්පත් සංයුතිය රු. මිලියන 1,191,250 ක්වූ භාණ්ඩාගාර බිල්පත්වලින් හා රු. මිලියන 5,257,918 ක් වන භාණ්ඩාගාර බැඳුම්කරවලින් සමන්විත වේ.

Video Story