October, 5, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (05) දින දෙවන වරටත් අත්හිටවනු ලැබීය.
S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 7.5%ක් ඉක්මවා කඩා වැටීම හේතුවෙන් අද දින දෙවන වරට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර පස්වරු 12.13 ට නැවත ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘත වීමට නියමිතය.
මීට පෙර දිනය තුළ 5%ක ප්රමාණයකින් S&P SL20 දර්ශකය පහළ යාම හේතුවෙන් පෙරවරු 11.07ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර නැවත පෙරවරු 11.37ට ගනුදෙනු ආරම්භ කෙරිණි. කෙසේ වෙතත් පෙරවරු 11.43ට ගනුදෙනු නැවත අත්හිටුවීමට සිදුවිය.
Video Story