October, 6, 2020
එම කාර්යය සඳහා අවසරපත්‍ර ලබා ගෙන ඇති ඇතැම් කිමිඳුම්කරුවන් විසින් එම අවසරය අවභාවිත කරමින් එම මුහුදු තීරයේ ට්‍රොලර් යාත්‍රා මඟින් ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ධීවරයින් සමඟ නීති විරෝධි ජාවාරම් කටයුතුවල නිරත වන බව වාර්තා වී ඇත.
එම හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ වැසියන් අතර කොවිඩ් - 19 වසංගතය පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව, මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් යන මුහුදු ජීවීන් එක් රැස් කිරීම සඳහා නිකුත් කරනු ලබන කිමිඳුම් අවසර පත්‍ර තාවකාලිකව අත්හිටුවීම පිණිස ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story