October, 7, 2020
ඒ අනුව, පහත සඳහන් ක්ෂේත්‍රයන් යටතේ එම මුදල ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත.
* ද්විතීයික අධ්‍යාපන විෂය මාලාව සහ ඇගයීම් ක්‍රමවේද පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීම.
* පහසුකම් සහිත අංග සම්පූර්ණ ද්විතියික පාසල් ජාලයක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වැඩිදියුණු කිරීම හා එමඟින් සියලුම දරුවන්ට ගුණාත්මක ද්විතීයික අධ්‍යාපන අවස්ථාවන් සඳහා ප්‍රවේශය සහතික කිරීම.
* ජාතික පාසල් සංඛ්‍යාව 1,000 දක්වා ඉහළ නැංවීම.
* අධ්‍යාපන විද්‍යා පීඨ, උපාධි පිරිනමන තත්ත්වයට උසස් කිරීම.
* ගුරු තුලනය සහ ගුරු සැපයීම තහවුරු කිරීම සහ එමඟින් ශිෂ්‍ය සාධන මට්ටම ඉහළ නැංවීම.
'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුගත වෙමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඉහත සඳහන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජන වැඩසටහන 2020-2025 කාල රාමුව තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ අදාළ ආයතන මඟින් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story