October, 7, 2020
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ කොවිඩ්-19 ව්‍යාප්ත වීමේ මූලාශ්‍රය, නිරෝධායනයකින් තොරව මෙරටට පැමිණි ඉන්දියානුවන් කිහිපදෙනෙක් නිසා වූ බවට වාර්තා පළ වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (07) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
කෙසේ වෙතත් අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කොවිඩ්-19 වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් විමසා සිටි අතර එම කරුණේ සත්‍යතාවයක් නොමැති බව යුද හමුදාපතිවරයා එහිදී අවධාරණය කර සිටියේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද දින පාර්ලිමේන්තුවේ දී - “නිරෝධායනයකින් තොරව ඉන්දියානු ජාතිකයින් ගුවන්තොටුපළ හරහා ගත්තේ කාගේ ආරක්ෂක බලපෑමක් මතද? (පුද්ගල නාමයක් සඳහන් කරමින්) ඒ නිලධාරියා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා. ඔහු තමයි මැදිහත්වෙලා අරගත්තේ කියන ආරංචිය තියෙනවා. මේක ගැන මුලින්ම හොයලා ඉන්න. කොතනින්ද මේක පටන් ගත්තේ කියන එක.“
අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු විසින් මේ පිළිබඳව විමසා සිටි අතර එහිදී ප්‍රතිචාර දැක්වූ කොවිඩ්-19 වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙසේ පැවසීය.
ප්රශ්නය - ඉන්දියානුවන් පිරිසක් මේ ආයතනයට පැමිණීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවෙනවා. ඒ පිළිබඳව ඔබතුමන්ලා දැනුවත්ද? ඒ ගැන තොරතුරක් තිබෙනවාද?
පිළිතුර - වාර්තා වෙනවා කියලා තිබුණා. මේ ගැන සොයලා බැලුවා, ඒ ගැන සත්‍යතාවයක් නොමැති බවටයි අපට තහවුරු වෙන්නේ.
මේ අතර මෙම පොකුරේ මූලාශ්‍රය සෙවීම මේ වන විට අපහසු කාර්යයක් වී ඇති බවත්, සංඛ්‍යාව විශාල වීම ඊට හේතු වී ඇති බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් මෙම මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් කියා සිටියේය.
“මූලාශ්‍රය සෙවීමේ යම්කිසි අපහසුතාවයක් මේ වන විට තිබෙනවා. මේ හමුවුණු සංඛ්‍යාව ඉතාමත් විශාලයි. එක්කෙනෙක් හමුවුණොත් අපිට මූලාශ්‍රය සොයා ගෙන යාමේ හැකියාවක් තිබෙනවා. එකවර 101 ක් හමුවුණාම, 101 ක පස්සේ දුවන්න ඕනේ මූලාශ්‍රය හොයන්න. පැය 24ක් ඇතුළත තවත් සංඛ්‍යාවක් එනවා 832 ක්. 101 වාර්තා වෙද්දී අපි ගත්ත ක්‍රමවේදයක් තිබුණා. විශේෂයෙන්ම මේ පළවෙනියට හමුවුණු කාන්තාව ගමන් කළ බස් රථය, ඒ කාන්තාව වැඩ කරපු 23 වෙනි ලයින් එකේ වැඩ කරපු සංඛ්‍යාව. ඊට අමතරව මේ හා සම්බන්ධ වූ කර්මාන්තශාලාවේ අයවලුන් සංඛ්‍යාව.“
“ඒත් එක්කම මේ ගැන ඉස්සලේලාම සොයලා බලද්දී අපිට වාර්තා වුණා, එම ආයතනයේ තිබෙන සෞඛ්‍ය අංශයෙන් 21 වෙනිදා සිට වගේ කැස්ස, උණ වගේ කට්ටිය වාර්තා වුණා කියලා. ඒ සංඛ්‍යාවන් සහ විශේෂයෙන්ම කැස්ස උණ තිබුනු කණ්ඩායම, අන්න ඒ වගේ කණ්ඩායමක් තමයි ඉස්සෙල්ලාම මේ මූලාශ්‍රය හොයගන්නත් එක්ක, අපි 150 ක විතර කණ්ඩායමක් තමයි පළවෙනි අවස්ථාවේ දීම පීසීආර් පරීක්ෂණවලට භාජනය කරනු ලැබුවේ. ඒකේදි තමයි 101 ක වාර්තාවක් ආවේ. ඒ වෙනකොට අපි අනෙක් කණ්ඩායම් යොදවලා, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි ඉතුරු මුළු සංඛ්‍යාවටම පීසීආර් පරීක්ෂණ කරනු ලැබුවේ. ඉතිං මේ වෙන කොට ඇත්තටම මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ස්ථිර සේවකයන් සියලු දෙනාගේම වාර්තා තමයි මේ වන විට ලැබිලා තිබෙන්නේ.“
“මූලාශ්‍රය තවදුරටත් සොයමින් සිටිනවා. ඒක අපහසු කාර්යයක් වෙන්නත් පුළුවන්. මොකද සංඛ්‍යාව ගොඩාක් වැඩි හින්දා.“
Video Story