දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බාහිර පුද්ගලයින්ගේ පැමිණීම අත්හිටුවයි

    October, 7, 2020

    රටෙහි පවතින වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සඳහා බාහිර පුද්ගලයන්ගේ පැමිණීම අද (2020.10.07) දින සිට නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්, නදුන් ගුරුගේ මහතා පවසයි.

    එසේ වුවද මහජනතාවට අවශ්‍ය වන සියළුම බදු සේවාවන් ලබා ගැනීම සඳහා සියළුම සේවා මාර්ගගත ක්‍රමය ඔස්සේ (e-service) ලබා ගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.

    එම පහසුකම් ලබාගැනීම සම්බන්ධ සියළු විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය www.ird.gov.lk ඔස්සේ සහ 1944 ක්ෂණිත ඇමතුම් අංකය අමතා ලබා ගත හැකි වේ.