October, 8, 2020
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබා දීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු අද (08.10.2020) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
එසේ වුවද සමාගම් සංස්ථාගත කිරීම, සමිති ලියාපදිංචි කිරීම හා පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීම ඇතුළු සේවා, මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින්) ලබා ගත හැකි වන අතර එම පහසුකම් ලබා ගැනීම පිළිබඳ සියළු විස්තර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය www.drc.gov.lk ඔස්සේ සහ පහත සඳහන් දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකි බව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටී.
සමාගම් සංස්ථාගත කිරීම - 011-2689616.
පොදු කොන්ත්‍රාත් ලියාපදිංචි කිරීම - 011-2689215
තොරතුරු තාක්ෂණ අංශය - 011-2689239
Video Story