October, 13, 2020
ආර්ථික වර්ධන උපායමාර්ගයන්හි ප්‍රධානතම අංගයක් වශයෙන් එකිනෙකට සම්බන්ධ මාර්ග ජාලයක් පැවැතීම අත්‍යවශ්‍ය බව 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පැහැදිලිව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මේ වන විට කිලෝ මීටර 100,000ක ග්‍රාමීය මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතින අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අවසන් කිරීම, රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමේ කටයුතු ආරම්භ කිරීම සහ කැලණිය සිට අතුරුගිරිය දක්වා කුළුණු මත දිවෙන අධිවේගී මාර්ගයේ කටයුතු අවසන් කිරීම සඳහා රජය විසින් ප්‍රමුඛතාව ලබා දී ඇත.
දැනට ඉදිවෙමින් පවතින සහ ඉදිකිරීමට නියමිත අධිවේගී මාර්ග මූල්‍යයනය කිරීම සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5% - 1%ක පමණ ආයෝජනයක් රාජ්‍ය අයවැයෙන් දැරීමට සිදු වන බව පෙනී ගොස් ඇත. අධිවේගී මාර්ග භාවිත කරන්නන්ගෙන් අයකරන ගාස්තුවලින් ලබන ආදායම මෙන්ම අධිවේගී මාර්ග සම්බන්ධිත වෙනත් ආදායම් උපයන මාර්ගවලින් ද ආදායම් ලැබීමට හැකි වන පරිදි අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් එම සමාගම විසින් රැස් කිරීමට හැකි වන අයුරින් සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කර භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන සමාගමක් සංස්ථාගත කිරීම පිණිස මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story