December, 3, 2020
අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා සිය තනතුරින් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ.
වසරක කාලයක් වෙනුවෙන් අදාළ තනතුර ඔහු විසින් භාර ගත් බවත්, සිය අනෙක් ව්‍යාපාර කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බැවින් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ කරුණු සොයා බැලීමක දී අද දෙරණ Biz වෙත අනාවරණය විය.
ඔහු ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් පුද්ගලික සමාගමෙහි සහ ග්ලෝබල් සී ෆුඩ්ස් පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්යක්ෂවරයා වේ. එසේම ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයින්ගේ සහ රබර් නිෂ්පාදන අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක ප්රමුඛ කොටස්කරුවකු වන ඔහු සෙලින්කෝ ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධානතම කොටස්කරුවා ද වේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ දී පවා මෙරට අපනයන ක්‍රියාවලිය ප්රශස්ත ලෙස පවත්වා ගෙන යාමට පසුගිය මාස කිහිපය තුළ ප්‍රභාෂ් සුභසිංහ මහතා දැවැන්ත කාර්යභාරයක් ඉටුකරන ලදී.