මාස 08ක පෙට්‍රල් කොන්ත්‍රාත්තුව BB Energy වෙත

    December, 4, 2020

    2020-12-01 සිට 2021-07-31 දක්වා මාස අටක කාලයක් සඳහා පෙට්‍රල් (92Unl) බැරල් 1,564,500+10/-5%ක් සහ පෙට්‍රල් (95 Unl) බැරල් 535,500+10/-5%ක් ආනයනය කිරීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, අදාළ ප්‍රසම්පාදනය M/s BB Energy (Asia) Pte. Ltd., Singapore වෙත ප්‍රදානය කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.