විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්

    September, 16, 2015

    නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ.

    මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි.

    කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30 සිට උදෑසන 10.30 දක්වා විදුලිය ඒකකයක් සඳහා රුපියල් 54 ක් අයකරන අතර ඉතිරි පැය 13 ක කාලය සඳහා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25 ක් අය කෙරේ.

    මේ වනවිට, මෙරට විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළ යමින් ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates