කොටස් ගනුදෙනු ගැන සමාගම්වලින් කරුණු විමසයි

    January, 25, 2021

    මේ දිනවල කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයකම අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එම සමාගම්වලින් විමසීම් කර තිබේ.

    Bukit Darah PLC, Industrial Asphalts (Ceylon) PLC, අගලවත්ත වැවිලි සමාගම සහ සෙලාන් බැංකුව ඒ අතුරින් කිහිපයකි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙකී සමාගම් සියල්ලක්ම පාහේ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, අසාමාන්‍ය ගනුදෙනු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තුඩු දිය හැකි අනාවරණය නොකරන ලද කිසිදු මිල සංවේදී තොරතුරක් හෝ වෙනත් හේතූන් කිසිවක් හෝ නොමැති බවයි.

    මේ සම්බන්ධයෙන් එකී සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත යවන ලද ලිපි කිහිපයක් පහතින් දැක්වේ.